මහනුවර ති‍්‍රත්ව විදුහල සහ මොරටු විදුහල අතර පසුගිය සති අන්තයේ අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී පැවති වයස 19න් පහළ පළමු කාණ්ඩයේ පාසල් කි‍්‍රකට් තරගය වර්ෂාව සහ අඳුරුසහගත ආලෝක තත්ත්වය හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
පළමු දිනයේදී ඕවර 26 ක් පමණක් වූවද මොරටු විදුහල් පිල ඕවර 23.1 කදී ලකුණු 38 කට දවාලීමට ති‍්‍රත්ව පන්දුයවන්නෝ සමත් වූහ. ති‍්‍රත්ව විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අම්රිත් ශි‍්‍ර මාහන් ලකුණු 10 කට කඩුලූ 5ක්ද, රවින් සේයර් ලකුණු 12 කට කඩුලූ 3 ක්ද දවා ගැනීමට සමත් වූහ.
පළමු දිනයේ තරගය නතර කරන විට ති‍්‍රත්ව විදුහල එක් කඩුල්ලක් දැවී ලකුණු 13 ක් ලබා සිටියේය.
මොරටු විදුහල ඕවර 23.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 38
(චානක මධුෂාන් 13, අම්රිත් ශි‍්‍ර මාහන් 10/5, රවින් සේයර් 12/3)
ති‍්‍රත්ව විදුහල ඔවර 3 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 13
(මාධව මනුවීර 11, පැතුම් මධුර 4/1)
- 011
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.