Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තේරීමේ ක‍්‍රමවේදය ගැන පරීක්‍ෂණයක්

තේරීමේ ක‍්‍රමවේදය ගැන පරීක්‍ෂණයක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 18 න් පහළ ශ‍්‍රී ලංකා පැසිපන්දු සංචිතයට ක‍්‍රීඩකයන් තේරීමේදී සිදු වී යැයි කියන අසාධාරණකම් පිළිබඳව සොයා බලා ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙස ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා පවසන්නේ අදාළ තේරීම් පරීක්ෂණයේ ක‍්‍රීඩකයන්ගේ ලකුණු සටහන් පත‍්‍රිකා ඇතුඵ සියලූ තොරතුරු ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයට මෙන්ම එහි පැසිපන්දු ජාතික තේරීම් කමිටුවට උපදෙස් ලබා දුන් බවයි.

මෙම තේරීම් පරීක්ෂණයෙන් සමත් නොවු ක‍්‍රීඩකයන් කීපදෙනකුම තමන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි පවසමින් ක‍්‍රීඩා ඇමැතිවරයාට පවා අභියාචනා ඉදිරිපත් කිරීම නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලයේ පී. එච්. ඉරුක සඳරුවන් ක‍්‍රීඩකයාට ද මෙම තේරීම් තරගවලදී අසාධරණයක් වී ඇතැයි පවසමින් එම විදුහලේ විදුහල්පතිවරයා විසින් ශ‍්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණ.

මේ පිළිබඳව ශ‍්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ සභාපති අසංග අමරතුංග මහතා ‘ලංකාදීපයට’ පැවසුවේ ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා තමන්ට පෞද්ගලිකව අමතා මේ සම්බන්ධයෙන් විමසු බවයි.

”පැසිපන්දු ජාතික තේරීම් කමිටුව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරන්නේ ලකුණු දීමේ ක‍්‍රමවේදයකට අනුවයි”

”ඔවුන් තනිව අදාළ පරීක්ෂණයට මුහුණ දිය යුතුයි.

එම අවස්ථාවලදී අදාළ පරීක්ෂණයට මුහුණ දෙන ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාවගේ අත්සන් ලබාගෙන සාධාරණ ලෙස තේරීම් සිදු කරනවා යැයි”  අමරතුංග මහතා පැවසීය.

තේරීම් පරීක්ෂණයේ සියලූ දත්ත ලබාදෙන ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශය දැන් වු බවත්, පැසිපන්දු තේරීම් කමිටුව මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බවත් අමරතුංග මහතා වැඩි දුරටත් කීය.

වයස 18 න් පහළ ශ‍්‍රී ලංකා පැසිපන්දු සංචිතය ආරම්භ කිරීමේ මුලික අරමුණ වන්නේ මේ මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 18 න් පහළ දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියට සහභාවන ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයන් මෙම සංචිතයෙන් තෝරා ගැනීමයි.

ක‍්‍රීඩකයන් 72 දෙදෙනෙකක් සහභාගි වු මෙම තේරීම් පරීක්ෂණයෙන් ක‍්‍රීඩකයන් 24 දෙනෙකු තෝරා සංචිතයට ඇතුළත් කෙරිණි. ඉන් 12 දෙනකු ශී‍්‍ර ලංකා කණ්ඩායමට තෝරා ගැනීමට ද නියමිතය.

අදාළ පරීක්ෂණ කටයුතු අවසන්වන තෙක් තරගාවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට අනුමැතිය නොදීමට ද ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 


අදහස් (0)

තේරීමේ ක‍්‍රමවේදය ගැන පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.