Last Update  :  2025-08-26 15:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තීරණය ගන්න සංගක්කාරට ඉඩ දුන්නා

තීරණය ගන්න සංගක්කාරට ඉඩ දුන්නා

ශනුක අරවින්ද - 2013 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A



ඉන්දියාවේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ ලීග් විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වන කඳුරට මෙරූන්ස් පිලට ක‍්‍රීඩා කරනවාද, අයි. පී. එල්. පිල තරගාවලිය නියෝජනය කරමින් ශුරයන්ගේ ලීග්  තරගාවලියට එක්වන ‘සන්රයිසස් හයිද්‍රාබාද්’ පිලට ක‍්‍රීඩා කරනවාද, යන තීරණය ගැනීමට කුමාර් සංගක්කාරට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.

කොළඹ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී අද (29) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම්වරයා මෙසේ ද පැවසීය.

‘‘සංගක්කාර කඳුරට පිලට කළ යුතු බවට අපි දන්වා තිබෙනවා, ඔහු කඳුරට පිලට ක‍්‍රීඩා කරනවා නම් අපි කැමතියි කියලා විතරයි කියලා තියෙන්නේ. අපි එහි කියලා නෑ ක‍්‍රීඩා කළයුතුම කියලා, ඒ තිරණය තිබෙන්නේ ඔහු අතේ’’

‘‘මෙහිදී අපි මූල්‍ය පාඩුවක් ගැන හිතලා නෑ. අපි බැලූවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම ශක්තිමත් කිරීම පමණයි”

”සංගක්කාර මේ කණ්ඩායමේ ඉන්නවා කියන්නේ කණ්ඩායම ශක්තිමත් වෙනවා. මුදලට වඩා රට නියෝජනය කරන කණ්ඩායම පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඔහු කඳුරට පිලට ක‍්‍රීඩා කළහොත් ඔහුට වෙන මූල්‍ය පාඩුව ගැන අපට අවධානය යොමු කරන්න පුළුවන්” යයිද නිශාන්ත රණතුංග මහතා පැවසීය.

”මීට වසර දෙකකට පමණ පෙර ෆර්විස් මහරුෆ් සම්බන්ධයෙන් අපි මෙවැනි සිද්ධියකට මුහුණ දුන්නා. එය අපි ඉතාමත් සාර්ථකව විසදා ගත්තා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
 


අදහස් (1)

තීරණය ගන්න සංගක්කාරට ඉඩ දුන්නා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.