අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජය 6 වැනි වරටත් සංවිධානය කළ කිලෝමීටර් දෙකේ විවෘත ගංගා පිහිනුම් තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනා ගැනීමට තරිඳු උදයංග සමත්විය. ශෂිනි නවෝද්‍යා, විවෘත කාන්තා ශූරතාව දිනා ගත්තාය.
අම්බලන්ගොඩ මාදම්පා ගෙඟ් පැවැති මෙම තරගාවලියට ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80 කට ආසන්න පිරිසක් සහභාගිවුහ.
ජයග්‍රාහී තරිඳු සහ ශෂිනි දෙදෙනාම මුහුදු පිහිනුම් තරගාවලි සඳහාද සහභාගිවෙති.
ගල්කිස්සේදී පසුගියදා පැවැති 79 වැනි සැතපුම් දෙකේ, වැල්ලවත්තේ පැවැති 51 වැනි සැතපුම් හයේ මෙන්ම මාතර පොල්හේනේ පැවැති කිලෝමීටර 2 මුහුදු පිහිනුම් තරගාවලි තුනේම ශූරයා වුයේ තරිඳුය.
අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරිඳු විනාඩි 22.12 කින් මාදම්පා ගඟේ පිහිනුම තරගය නිම කළේය. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ සිසුවියක වන ශෂිනි, විනාඩි 26.14 කින් තරගය අවසන් කළාය. කාන්තා ඉසව්ව ජයගත් ශෂිනි, වැල්ලවත්තේ පැවැති සැතපුම් හයේ මුහුදු පිහිනුම් තරගාවලියේ මෙන්ම පොල්හේනේ පැවැති කිලෝමීටර 2 මුහුදු පිහිනුම් තරගාවලියේද ශූරියා වුවාය.
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ ධනුෂ්ක මධුෂාන් සහ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ නිමේෂ් කාවින්ද පිළිවෙලින් විවෘත පිරිමි ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබුහ.
විවෘත කාන්තා ඉසව්වේදී මාතර සුජාතා විද්‍යාලයේ විහංගා දිල්මිණී දෙවැනි ස්ථානයද, ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ හිරුණි මහේෂිකා තෙවැනි ස්ථානයද හිමිකරගත්හ.
තරගාවලිය සංවිධානය කළ අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජය (ලකුණු 166) ශූරතාව දිනාගත් අතර අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය (ලකුණු 48) අනුශූරතාව හිමිකරගත්තේය.
තරගාවලියේ ලාබාලතම කී‍්‍රඩකයා ලෙස ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ නිරෝද් තීක්ෂණ සම්මාන දිනාගත් අතර මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ කේ.ඩබ්ලිව් නිර්මානී ලාබාලතම කී‍්‍රඩිකාව වුවාය. වැල්ලවත්ත කිංග්ස් රෝස් ජල ක්‍රීඩා සමාජයේ එස්.එම්.චන්ද්‍රපාල දක්ෂතම වයස්ගත ක්‍රීඩකයා ලෙස තේරීපත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.