ශ්‍රී ලංකාවේ පාසලක් විසින් සංවිධානය කරනු ලබන එකම පාසල් මුහුදු පිහිනුම් තරගාවලිය වන අම්බලන්ගොඩ මාදම්පා මහා විද්‍යාල පිහිනුම් තරගාවලියේදී මාදම්පා මහා විද්‍යාලය බාලක කණ්ඩායම් ශූරතාව දිනා ගත්තේය.
හතරවැනි වරටත් සංවිධානය කරන ලද මෙම මුහුදු පිහිනුම් තරගාවලිය උස්මුදුලාව මුහුදු තීරයේදී පෙරේදා (25) පෙරවරුවේ පැවැත්විණි. තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත් විය. මාදම්පා මහ විද්‍යාලය ලකුණු 148 ක් හිමිකරගත් අතර ධර්මාශෝක විදුහල ලකුණු 79 ක් හිමිකර ගත්තේය.
මාදම්පා විද්‍යාලයේ එස්. තරිඳු උදයංග බාලක ශූරතාව දිනාගත් අතර අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ කේ. ඉමාෂා සෙව්වන්දි බාලිකා ශූරතාව දිනාගත්තාය.
දිවයිනේ පාසල් හා ජල ක‍්‍රීඩා පුහුණු පාසල් රැසක පිහිනුම් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝ රැුසක්ම මෙම පිහිනුම් තරගාවලියට සහභාගි වූහ.
තරගාවලියේ ප‍්‍රතිඵල
සමස්ත බාලක කණ්ඩායම් තරගය
1. මාදම්පා විද්‍යාලය (අම්බලන්ගොඩ)
2. ධර්මාශෝක විද්‍යාලය (අම්බලන්ගොඩ)
3. ශාන්ත සෙබස්තියන් විද්‍යාලය (මොරටුව)
බාලක කේවල තරගය
1.එස්. තරිඳු උදයංග (මාදම්පා විද්‍යාලය අම්බලන්ගොඩ)
2. රවිඳු රික්ෂාන් (ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ)
3. ටී.එච්. දසුන් (මාදම්පා විද්‍යාලය අම්බලන්ගොඩ)
ලාබාලම ක‍්‍රීඩකයා
ඩබ්ලිව්.ජී. චාමික (රුවන්පුර ජල ක‍්‍රීඩා පුහුණු පාසල රත්නපුර)
සමස්ත බාලිකා කණ්ඩායම් තරගය
1. ධර්මාශෝක විද්‍යාලය (අම්බලන්ගොඩ)
2. ශ්‍රී දේවානන්ද විද්‍යාලය (අම්බලන්ගොඩ)
3. රුවන්පුර ජල ක‍්‍රීඩා පුහුණු පාසල (රත්නපුර)
බාලිකා කේවල තරගය
1. කේ. ඉමාෂා සෙව්වන්දි (ශ්‍රී දේවානන්ද විද්‍යාලය අම්බලන්ගොඩ)
2. එස්.කේ.එන්. බියංකා (ධර්මාශෝක විද්‍යාලය)
3. එස්.කේ.ආර්. දිලංකා (ධර්මාශෝක විද්‍යාලය)
ලාබාලම ක‍්‍රීඩිකාව
චනුලි ජනීෂා (රුවන්පුර ජල ක‍්‍රීඩා පුහුණු පාසල)
| බාලක කේවල තරගයේ ජයග්‍රාහකයෝ |
| බාලිකා කේවල තරගයේ ජයග්‍රාහිකාවෝ |
| සමස්ත බාලක කණ්ඩායම් තරගයේ ශූරතාව දිනාගත් අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලය |
| සමස්ත බාලිකා කණ්ඩායම් තරගයේ ශූරතාව දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය |
ඡායාරූප හා විස්තර : කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත, හික්කඩුව ඥාණදාස රම්මුතු, අම්බලන්ගොඩ යසස් පී. මෙන්ඩිස් සහ බටපොළ දීපාල් ද සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.