Last Update  :  2026-03-23 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරීන්ගේ සටන්කාමී ඉනිමෙන් පීතරයෝ පරාජයෙන් ගැලවෙති
92 වැනි ශාන්තුවරයන්ගේ සටන

තරීන්ගේ සටන්කාමී ඉනිමෙන් පීතරයෝ පරාජයෙන් ගැලවෙති

editorial - 2026 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 92 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය සෙනසුරාදා (21) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් ලැබූ ශාන්ත ජෝෂප් විදුහලට තරගයේ වැඩි ගෞරව හිමි විය.

තරගය නිමාවට පත්වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියේය. ශාන්ත පීතර විදුහල පරාජයෙන් ගළවා ගැනීම සඳහා සටන්කාමී පිතිහරඹයක නිරත වූ තරීන් සංකේත් පන්දු 33 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 63 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විශ්ව පීරිස් ලකුණු 113 කට කඩුලු 5 ක්ද, විග්නේෂ්වරන් ආකාෂ් ලකුණු 50 කට කඩුලු 4 ක්ද දවාගත් නමුත් ශාන්ත ජෝෂප් විදුහල ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුන්ට නොහැකි වූහ. පළමු ඉනිමේදී දවාගත් කඩුලු 6 ත් සමග මෙම තරගයේදී බිඳහෙළූ මුලු කඩුලු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ දමාගත් ආකාෂ් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.ෙ

ශාන්ත පීතර විදුහලට වඩා ලකුණු 95 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ, කඩුලු 3 ක් දැවී ලකුණු 190 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවමින් සිය ප්‍රතිවාදීන්ට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියහ. එහිදී අරම්භක පිකිකරු අවීෂ සමාෂ් (56) සහ සෙනුජ වැකුණ‍ගොඩ (56) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

දෙවැනි දිනය වූ සිකුරාදා (20) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටි ශාන්ත පිතර විදුහලට තෙවැනි දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 9 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විග්නේෂ්වරන් ආකාෂ් ලකණු 44 කට කඩුලු 6 ක් බිඳහෙළමින් ශාන්ත පීතර ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා පෙරමුණ ගත්තේය. 

 

‍ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 110.4 කදී කඩුලු 8 ක් දැවී 352
(යෙනුල දන්තනාරායන 84, අවීෂ සමාෂ් 53, සෙනුජ වැකුනගොඩ 88, රිෂ්ම අමරසිංහ 22, පමෝද දල්පදාදු 22, චේතින කාවින්ද නොදැවී 39, නුෂාන් පෙරේරා 28, ශවිදු සිල්වා 95/5, ජනිත් පණ්ඩිතරත්න 76/3)

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලු දෙනා දැවී 257  
(අසදිස ද සිල්වා 78, ශවිඳු සිල්වා 62, ජේසන් ප්‍රනාන්දු 67, විග්නේෂ්වරන් ආකාෂ් 44/6)

‍ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 3 ක් දැවී 190 
(යෙනුල දන්තනාරායන 23, අවීෂ සමාෂ් 56, සෙනුජ වැකුනගොඩ 56, දිලීප මධුරංග නොදැවී 19, නුෂාන් පෙ‍රේරා නොදැවී 18, ශවිදු සිල්වා 46/2)

ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 215   
(දිනෙත් ද සිල්වා 20, ශවිඳු සිල්වා 21, ජොෂුවා සෙබස්තියන් 56, තරීන් සංකේත් නොදැවී 63, විෂ්ව පීරිස් 113/5, විග්නේෂ්වරන් ආකාෂ් 50/4)


අදහස් (0)

තරීන්ගේ සටන්කාමී ඉනිමෙන් පීතරයෝ පරාජයෙන් ගැලවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.