ඒ.බී. ඩිවිලියර්ස් එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්විමත් සමගින් දකුණු අප්‍රිකානු ටෙස්ට්, විස්සයි20 කණ්ඩායම්හී නායක ෆෆ් ඩු‘ප්ලේසිස් එම පුරප්පාඩුව සදහා නම් කර ඇත.
2013 පෙබරවාරී මාසයේ සිට විස්සයි20 කණ්ඩායමේ නායකත්වය හිමිවූ ඩු‘ප්ලේසිස්ට පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයද හිමිවිය.
2019 දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය දක්වාම කණ්ඩායමේ නායකත්වය දැරීමට ඩු‘ප්ලේසිස් බලාපොරොත්තුවෙන් පසුවන්නේය.
සියළු අංශවල නායකත්වය හිමිවීමෙන් පසු පළමු වරට මේ මස අවසානයේදී බංග්ලාදේශය සමගින් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන (ටෙස්ට් තරග 2, එක්දින තරග 3, විස්සයි20 තරග 3) තරගාවලියේදී ෆෆ් ඩු‘ප්ලේසිස් කණ්ඩායම මෙහෙයවීමට නියමිතව ඇත.
නොවැම්බර් 3 වැනිදා සිට දෙසැම්බර් 16 වනදා දක්වා පැවැත්වෙන විස්සයි20 ග්ලෝබල් ලීග් තරගාවලියේ ස්ටෙලන්බොස්ච් මොනාර්ච් කණ්ඩායමේ දේශීය විශේෂ ක්‍රීඩකයා ලෙසද ඩු‘ප්ලේසිස් තෝරාගෙන ඇත.
ඉන්දියාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සම්පූර්ණ තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමට ඩු‘ප්ලේසිස්ට සිදුවනු ඇත. 2018 ජූලී මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනතෙක් මව්බිමෙන් පිටත තරගාවලියකට දකුණු අප්‍රිකා කණ්ඩායම සහභාගී නොවන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.