(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘බී’ කොටස යටතේ ඊයේ (24 වැනිදා) පැවැති තරගයකදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව ලකුණු 50-00 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. එහිදී ඩී.එස්. ක්‍රීඩකයෝ ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුම් 3 ක් සමගින් ලකුණු රැස්කළහ.
අද (25 වැනිදා) පැවැති ‘බී’ කොටසේ තවත් තරග 2 කදී ලකුණු 14-10 ක් ලෙස ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරාජය කිරීමට කුරුණෑගල මලියදේව විදුහලත්, ලකුණු 29-10 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කිරීමට කොළඹ තර්ස්ටන් විදුහලත් සමත් විය.
ඇලවීෂියස් - මලියදේව තරගයේදී මලියදේව විදුහල ගෝල දිනුම් දෙකක් සමගද, ඇලවීෂියස් විදුහල උත්සාහක දිනුම් දෙකක් සමගද ලකුණු රැස්කළ අතර ආනන්ද - තර්ස්ටන් තරගයේදී තර්ස්ටන් විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාක දිනුම් 3 ක් සමගද, ආනන්ද විදුහල උත්සාහක දිනුම් දෙකක් සමගද ලකුණු රැස්කළේය.
සිකුරාදා (24 වැනිදා) පැවැති තරග
■ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 50-00 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරන ලදි.
සෙනසුරාදා (25 වැනිදා) පැවැති තරග
■ කුරුණෑගල මලියදේව විදුහල විසින් ලකුණු 14-10 ක් ලෙස ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ තර්ස්ටන් විදුහල විසින් ලකුණු 29-10 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.