Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩයන්ට අන්තර්ජාතික සම්මානයක්

ඩයන්ට අන්තර්ජාතික සම්මානයක්

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩා කළමණාකාරීත්වය හා නායකත්වය වෙනුවෙන් 2014 වසරේ සම්මානය මාස් ඉන්ටිමේට්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂක ඩයන් ගෝමස් මහතාට ප‍්‍රදානය කෙරිණ. මෙම සම්මාන උත්සවය පසුගියදා මුරුසි දිවයිනේ ලී මෙරිඩියන් රිසෝට්හි පැවැත්විණි.

ආසියාවේ සහ අපි‍්‍රකානු රටවල කී‍්‍රඩා සහ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන්හි විශිෂ්ට නායකත්වයක් දරන පුද්ගලයන් සහ ඔවුන්ගෙන් අදාළ ක්ෂේත‍්‍රයන්ට සිදුකෙරෙන සේවාවන් අගයමින් මෙම සම්මානය ප‍්‍රදානය කෙරේ.

තනි පුද්ගලයකු වශයෙන් ශ්‍රී ලංකා බොක්සිං කී‍්‍රඩාවට කරන ලද අති විශිෂ්ට සේවය ඔහුට මෙම සම්මානය හිමිවීමට හේතු වී ඇත.

වසර 15 ක සිට බොක්සිං පරිපාලන කටයුතුවල නිරත වන ගෝමස් මහතා ශ්‍රී ලංකා ජාතික තරගාවලියේ කණිෂ්ඨ ෆ්ලයිවේට් ශූරතාවයද හිමි කර ගත්තෙකි. එමෙන්ම 2014 සිට 2018 කාලය දක්වා ජාත්‍යන්තර කාන්තා බොක්සිං කොමිසමේ සමාජිකයෙකු ලෙස පත්ව සිටී. ශ්‍රී ලාංකිකයෙකු එම තනතුරට පත්වූ ප‍්‍රථම අවස්ථාවද මෙයයි.

 


අදහස් (0)

ඩයන්ට අන්තර්ජාතික සම්මානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.