Last Update  :  2026-02-09 21:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ට්‍රෙක් ෆෝ සිලෝන් පාපැදි සවාරිය හෙට සිට

ට්‍රෙක් ෆෝ සිලෝන් පාපැදි සවාරිය හෙට සිට

editorial - 2026 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

‘ට්‍රෙක් ෆෝ සිලෝන්’ ආයතනය සංවිධානය කරන ‘ට්‍රෙක් ෆෝ සිලෝන්’ පාපැදි සවාරිය හෙට (10 වැනිදා) සිට 14 වැනිදා දක්වා දින 5 ක් පුරා කොළඹ සිට පුතූර් දක්වා පැවැත්වේ. පුතූර් නගරයේ පිහිටි ශාන්ත ලූක් මෙතොදිස්ත රෝහල ප්‍රතිසංස්කරණනය කිරීමේ අරමුණින් මෙම පාපැදි සවාරිය සංවිධානය කෙරෙනු ඇත. 

ශ්‍රී ලංකාව, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඕස්ටේ්‍රලියාව, ජර්මනිය, ටැන්සානියාව, කොලොම්බියාව, තුර්කිය සහ සිංගප්පූරුව යන රටවල් 11 නියෝජනය කරමින් පාපැදිකරුවන් 50 දෙනෙක් මෙම පාපැදි සවාරියට සහභාගි වීමට නියමිතය. 

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසලින් 10 වැනිදා ආරම්භ වන මෙම පාපැදි සවාරිය ගාල්ල දක්වා කිලෝ මීටර් 120 ක් ගමන් කරන අතර 11 වැනිදා ගාල්ලේ සිට කිලෝ මීටර් 122 ක් හම්බන්තොට දක්වා ගමන් කරනු ඇත. 12 වැනිදා හම්බන්තොට සිට දඹුල්ල දක්වා ගමන් කරන පාපැදි සවාරිය, 13 වැනිදා දඹුල්ලේ සිට කිලිනොච්චිය දක්වා කිලෝ මීටර් 212 ක් ගමන් කරනු ඇත.

අවසන් දිනයේදී 14 වැනිදා කිලෝ මීටර් 76 ක දුරක් කිලිනොච්චියේ සිට පුතූර් නගරයේ පිහිටි ශාන්ත ලූක් මෙතොදිස්ත රෝහල දක්වා ගමන් කිරීමෙන් අනතුරුව පාපැදි සවාරිය නිමාවට පත් වීමට නියමිතය. මෙම පාපැදි සවාරියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි. 

 


අදහස් (0)

ට්‍රෙක් ෆෝ සිලෝන් පාපැදි සවාරිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.