
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල සහ ඉබ්බාගමුව මැදි විදුහල අතර ඉබ්බාගමුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ජෝන් කොතලාවල විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ඉබ්බාගමුව මැදි විදුහලේ ප්‍රබුද්ධ ප්‍රේමලාල් (80 සහ 94) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර ජෝන් කොතලාවල විදුහලේ ගිම්හාන් භානුක ලකුණු 54 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ජෝන් කොතලාවල විදුහල් පළමු ඉනිම - ඕවර 81.1 කදී සියලු දෙනා දැවී 238
(මදුක දිල්ෂාන් 69, ෂෙහාන් කෝකිල 47, යසිරු ශිවන්ත 29, එම්. ඉන්සමාම් 27, නිසල් නෙත්සිරි 55/3, තරංග ප්‍රේමරත්න 60/3, යසිරු ජයරත්න 26/2)
ඉබ්බාගමුව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 72.1 කදී සියලු දෙනා දැවී 136
(ප්‍රබුද්ධ ප්‍රේමලාල් 80, ගිම්හාන් භානුක 54/5)
ඉබ්බාගමුව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 48.1 කදී කඩුලු 8 ක් දැවී 179
(ප්‍රබුද්ධ ප්‍රේමලාල් 94, කුලාන් කෝරලේගෙදර 64, යසිරු ශ්‍රිවන්ත 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.