Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජේසන් - අෂ්විතා ශූරතා දිනති

ජේසන් - අෂ්විතා ශූරතා දිනති

ශනුක අරවින්ද - 2017 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බණ්ඩාරගම ‘ශ්‍රී ලංකා කාටින් සර්කිට්’ ධාවන පථයේදී පැවැති ‘බී. ජී. ආර්. සී.’ කාටින් ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ජේසන් කැරන් සමත් විය. එහි දෙවැනි ස්ථානය සයුරික ලිවිඳුටත්, තෙවැනි ස්ථානය දුලවින් මෙන්ඩිස්ටත් හිමි විය. ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රධානතම තරගය ‘ඩී’ කාණ්ඩයෙන් පැවැත්විණ.

කාන්තා විවෘත කාණ්ඩයේ පහසු ජයක් ලැබීමට අශ්විතා වික්‍රම සමත් වූවාය. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් තිළිණි දිනුෂිකා විජේරත්න සහ මධුෂා හර්ෂණී විසින් දිනාගන්නා ලදහ.

මෙම ශූරතාවලියේදී කාණ්ඩ 7 ක් යටතේ තරගකරුවන් රැසක් තරග වැදුණ අතර වසරක කාලයක් පුරා පැවැති අදියර 4 කට පසුව එම තරගකරුවන් අතර සමස්ත ශූරතාවන් බෙදී ගියේය.

ජ්‍යෙෂ්ඨ ‘ඊ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ශ්‍යාමාල් මෙන්ඩිස් සමත් වූ අතර ජ්‍යෙෂ්ඨ ත්‍ කාණ්ඩයේ ශූරතාව තමන් සතු කරගැනීමට රමේෂ් පෙරේරා සමත් විය.

ශූරතාවලියේ අධුනික අංශයේ තරග ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කාණ්ඩ 3 යටතේ පැවැති අතර එම කාණ්ඩ තුනෙහි ජය පිළිවෙළින් මෙවන් පෙරේරා, සංජය මලීන්ද්‍ර සහ රයන් ඩි බෘයින් සතු විය.

බණ්ඩාරගම ගෝ-කාටින් සමාජය සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඬේවිඞ් පීරිස් සමාගම කටයුතු කළේය.

ශූරතා ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ :

  • ජ්‍යෙෂ්ඨ ‘ඩී’ කාණ්ඩය - ජේසන් කැරන් (ලකුණු 186)
  • ජ්‍යෙෂ්ඨ ‘ඊ’ කාණ්ඩය - දිනේෂ් පතිරණ (ලකුණු 150)
  • ජ්‍යෙෂ්ඨ ‘එෆ්’ කාණ්ඩය - රමේෂ් පෙරේරා (ලකුණු 165)
  • කාන්තා විවෘත කාණ්ඩය - අශ්විතා වික්‍රම (ලකුණු 200)
  • ආධුනික ‘ඒ’ කාණ්ඩය - විනුෂ සංජුල පෙරියප්පෙරුම (ලකුණු 179)
  • ආධුනික ‘බී’ කාණ්ඩය - ඉශාන් උදාර මුණවීර (ලකුණු 186)
  • ආධුනික ‘සී’ කාණ්ඩය - රයන් ඩි බෘයින් (ලකුණු 158)

-036

 


අදහස් (0)

ජේසන් - අෂ්විතා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.