
ජිම්නාස්ටික් දිස්ත්‍රික් සංගම් සඳහා විෂබීජනාශක දියර හා ආරක්ෂිත උපකරණ හෙට (බ්‍රහස්පතින්දා) පස්වරු 3.30ට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ප්‍රදානය කෙරේ. ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික්ක (අනු) සංගම් 31ක් සඳහා විෂබීජනාශක දියර හා ආරක්ෂිත උපකරණ ප්‍රදානය කෙරේ.
එම සංගමයේ පරිපාලන ලේකම් උදාර ලියන්විල මහතා පැවසුවේ පසුගිය කාලය පුරා උද්ගත වූ කොවිඩ් උවදුර සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ ජිම්නාස්ටික් පුහුණුකරුවන් 50 දෙනකුට පමණ සහන දීමනාවක්ද පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ජනවාරි මාසය දක්වා ගෙවීමට කටයුතු කර ඇති බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.