ශී‍්‍ර ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 2016 ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය මේ මස 26 වැනිදා ආරම්භ වේ. දින 8 ක් පුරා පැවැත්වෙන තරගාවලියේ වඩාත්ම තියුණු වයස් කාණ්ඩය වන 19 න් පහළ වයස් කාණ්ඩයේ අවසන් මහ තරගය දෙසැම්බර් 3 වැනිදා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් පිටියේදී පැවැත්වේ.
තරගාවලිය සඳහා දැනටමත් අයැදුම්පත් 278 ක් ලැබී තිබේ.
වයස අවුරුදු 9, 11, 13, 15, 17 හා 19 න් පහළ වශයෙන් සියලූම වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා තරග පැවැත්වෙන අතර වයස අවුරුදු 11 න් පහළ, 15 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ ආධුනික තරග පැවැත්වේ.
සියලූ තරග ද්‍රවිඩ සංගම් ස්කොෂ් පිටියේදී සතියේ දිනවල පස්වරු 3.00 සිට 8.00 දක්වා පැවැත්වේ. සති අන්ත හා නිවාඩු දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 8.00 දක්වා තරග පැවැත්වේ.
ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය රිට්ස්බරි වෙතිනි.
”27 වැනි ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලියට අනුග්‍රාහකත්වය පිරිනැමීමට හැකිවීම අපි දකින්නේ ජාතික තලයේ වගේම ජාත්‍යන්තර තලයේ කී‍්‍රඩකයන් බිහිකිරීමට අතදිමට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙසයි. ආයතනයක් විදිහට ජාතික වගකීමක් වශයෙන් අපි කී‍්‍රඩාවට අතදීම දිගින් දිගටම කරනවා” යයි සිලෝන් බිස්කට්ස් සමූහ සාමාන්‍යාධිකාරිනි (අලෙවි) තේජා පීරිස් මහත්මිය පැවසුවාය.
සිලෝන් බිස්කට්ස් සමූහ සාමාන්‍යාධිකාරිනි (අලෙවි) තේජා පීරිස් මහත්මිය විසින් ශී‍්‍ර ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති සුරංජිත් පේ‍්‍රමදාස මහතා වෙත අනුග්‍රාහක චෙක්පත පිරිනමන ලද අවස්ථාව. ස්කොෂ් සම්මේලනයේ ලේකම් කොමදෝරු පි‍්‍රයදර්ශන ජයවර්ධන, සිලෝන් බිස්කට්ස් සමාගමේ ‘රිට්ස්බරි’ සහාකාර සන්නාම කළමනාකරු අරුණ ලියනපතිරණ සහ මහජන සම්බන්ධතා කළමනාකරු ජානක බොතේජු යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.