Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කී‍්‍රඩා උළෙල යාපනයේදී

ජාතික කී‍්‍රඩා උළෙල යාපනයේදී

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ පැවැත්වෙන 42 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලට අලූතින් ක‍්‍රීඩා 10 ක් එක් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. කිළිනොච්චි නගරයේදී පැවැත්වීමට තීරණය කර තිබු 2016 ජාතික ක‍්‍රීඩා උළෙල යාපනයේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා ‘කෙළිමඬලට’ පැවසීය.


”අප කලින් තීරණය කර තිබුණේ කිළිනොච්චිය නගරය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමටයි.
නමුත් දැන් අප තීරණය කළා යාපනයේදී ජාතික ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට. ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට සුදුසු ක‍්‍රීඩාංගණය යාපනය නගරයෙන් සොයා ගැනීමේ කටයුතු වල අප යොමු වෙලා ඉන්නවා යැයි’’ විජේරත්න මහතා පැවසීය.


ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන දිනයන් මෙතෙක් යොදා නැතත් එළැඹෙන සැප්තැම්බර් මස දෙවැනි සතියේ ක‍්‍රීඩා උළෙල ස්ථීර ලෙස පැවැත්වීමට කටයුතු කරන බවද විජේරත්න මහතා වැඩි දුරටත් පවසයි.


සත් සාමාජික රග්බි, කැරම්, චෙස්, අත්පන්දු (හෑන්ඞ්බෝල්), කඹ ඇදීම, තුන්ප‍්‍රයාම, වූෂු, වෙරළ කබඩි, ස්ටෑන්ඩර්ඞ් පාපැදි තරග සහ බොක්සිං (කාන්තා) යන ක‍්‍රීඩා 10 ක් මෙම වසරේ සිට ජාතික මහ ක‍්‍රීඩා උළෙලට ඇතුළත්වේ.


මෙතෙක් ජාතික මහ ක‍්‍රීඩා උළෙලේදී ක‍්‍රීඩා 20 ක් පැවැති අතර දැන් එය ක‍්‍රීඩා 30 ක් දක්වා වර්ධනය වී තිබේ.
ක‍්‍රීඩා උළෙලේ මුලික වටයේ තරග ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මේ දිනවල පැවැත්වේ. 


අදහස් (0)

ජාතික කී‍්‍රඩා උළෙල යාපනයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.