ජාතික දැල්පන්දු ශූරතාවලිය සඳහා කණ්ඩායම් 25 කට වැඩිගණනක් සහභාගී වන බව ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය පවසයි. තරගාවලිය ලබන සෙනසුරාදා හා ඉරිදා (19-20) මාතර උයන්වත්ත පිටියේදී පැවැත්වේ.
මෙම තරගාවලියට දැල්පන්දු සංගමයේ සාමාජික දිස්ති‍්‍රක් සංගම් හා අනුබද්ධ සංගම් වලින් කණ්ඩායම් ඉදිරිපත් කෙරේ. කෙසේ වෙතත් මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව ඉදිරි දින වලදී තවත් වැඩිවිය හැකි බව දැල් පන්දු සංගමයේ තරග ලේකම් පී.ඞී. ප‍්‍රසාදි මහත්මිය පැවසුවාය.
මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවය සෙනසුරාදා පෙරවරු 8.30 ට තැපැල් නියෝජ්‍ය ඇමති සනත් ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. අවසන් මහ තරගය ඉරිදා පස්වරු 3 ට ආරම්භ වේ. ජයසංකේත ප‍්‍රදානෝත්සවය කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ජාතික දැල්පන්දු ශූරතාවලිය පසුගිය වසරේදී තරගාවලිය නොපැවැත්වුණු අතර වසර 2011 දී අවසන් වරට පැවති තරගාවලිය ජයගනිමින් ජාතික දැල්පන්දු ශූරියන් වූයේ වෙළඳ සේවා කණ්ඩායමයි. වෙළඳ සේවා දැල්පන්දු තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව හිමිකරගත් සෙලාන් බැංකු කණ්ඩායමේ හා හැටන් නැෂනල් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් පසුගිය වතාවේදී ශුරතාව දිනාගත් වෙළෙඳ සේවා කණ්ඩායම නියෝජනය කළහ.
දැල්පන්දු ඒ ශ්‍රේණියේ විභාග අපේක්ෂිකාවන් සඳහා වන ප‍්‍රායෝගික පරීක්ෂණය ලෙස මෙවර ජාතික තරගාවලියේ මූලික වටයේ තරග යොදා ගැනෙන බව දැල්පන්දු සංගමය පවසයි. ජයග‍්‍රාහි කණ්ඩායම සහ දක්ෂතම කී‍්‍රඩිකාවන් සඳහා කුසලතා, පදක්කම් හා සහතික පත‍්‍ර පිරිනැමේ.
ජාතික දැල් පන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම්
වෙළඳ සේවා, රාජ්‍ය සේවා, ජනසතු සේවා, කී‍්‍රඩා භූමි, මහවැලි, පාසල්, කොළඹ, මාතර, මහනුවර, වෙන්නප්පුව, අනුරාධපුරය, වවුනියාව, පොළොන්නරුව, මොණරාගල, නුවරඑළිය, මාතලේ, ගාල්ල, හම්බන්තොට, බස්නාහිර, කෑගල්ල, කිළිනොච්චිය, මන්නාරම, යාපනය, කළුතර සහ ගම්පහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.