Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික බිලියඞ් ශූරතාව 23 වැනි වරටත් සිරිසෝමට

ජාතික බිලියඞ් ශූරතාව 23 වැනි වරටත් සිරිසෝමට

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමය සංවිධානය කළ 62 වැනි ජාතික බිලියඞ් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වරාය අධිකාරියේ කේ. එච්. සිරිසෝම සමත්විය.

කොළඹ සුගතදාස හෝටල් සංකීර්ණයේ පිහිටි බිලියඞ් හා ස්නූකර් කී‍්‍රඩාගාරයේදී පැවති අවසන් මහ තරගයේදී, තරග වට 6-4 ක් ලෙස මුවර්ස් කී‍්‍රඩා සමාජයේ එස්. එච්. එම්. අස්ලම් පරාජය කරමින් කේ. එච්. සිරිසෝම 23 වැනි වතාවටත් ජාතික ශූරතාවට හිමිකම් කිවේය.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී යුද හමුදා කී‍්‍රඩක මොහොමඞ් මුබීන් විසින් තරග වට 2-0 ක් ලෙස ඒ. ඒ. සී. කී‍්‍රඩා සමාජ කී‍්‍රඩක අනිල් රෝහණ පරාජය කරන ලදී.  

මෙම තරගාවලියේ ජාතික තරග වටය සඳහා කී‍්‍රඩකයන් 32 සහභාගී වූ අතර එහිදී අවසන් වටයට කී‍්‍රඩකයන් 16 දෙනෙකු සුදුසුකම් ලබාගත්හ.

සිංගර් සමාගමේ ප‍්‍රධාන අනුග‍්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සහභාගි විය.


- 036


අදහස් (0)

ජාතික බිලියඞ් ශූරතාව 23 වැනි වරටත් සිරිසෝමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.