Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මෙම වසරේ ඉදිරි මාස හතක කාලයක් සදහා රුපියල් අනූ කෝටියකට වැඩි වියදම් (939431101) ඇස්තමේන්තුවක් අනුමත කර තිබේ.මෙම අරමුදල් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සමුළුවේ අනුග්‍රහයෙන් වාර්ෂික ප්‍රදානයන් යටතේ ශ්‍රී ලංකාවට හිමිවේ.එම මුළු මුදලේ ඇමැරිකානු ඩොලර් වටිනාකම 3184512 කි.
එහිදී 2025 ඉතිරි කාලය සදහා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රවර්ධන කටයුතු සදහා රුපියල් 310554300 ක් හෙවත් ඩොලර් 1052726 ක් වැය කෙරේ.ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට එහීදී වැය කෙරෙන මුදල රුපියල් 76484800 කි. එහි ඩොලර් අගය 259271 කි.
මෙම වසරේ පාපන්දු සම්මේලනයේ රුපියල් කෝටි 90 කට වැඩි වියදම් ඇස්තමේන්තුව විෂයන් 22 ක් යටතේ කෙටුම්පත් කර තිබේ.වර්ගීකරණ 13 ක් යටතේ ශ්‍රී ලංකාවට ඉහත ජාත්‍යන්තර අරමුදල් අනුමත කර තිබේ.
ඒ යටතේ මේ වසරේ පැවැත්වීමට නියමිත දේශීය තරගමාලා සදහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් කෝටි 11 කට වැඩිය.එය කොටස් දෙකකින් රුපියල් 67488000 ක් හා 43313280 ක් ලෙස වෙන් කර තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මූලස්ථානයේ සේවක වැටුප්ද සහිතව නඩත්තුව සදහා එකී කාලයේ වැය කිරීම් ඇස්තමේන්තුව ලෙස දක්වා ඇත්තේ රුපියල් 68255000 ක් හෙවත් ඩොලර් 231373 කි.දේශීය කනිෂ්ඨ තරගමාලා සදහා 2025 ට වියදම රුපියල් 46799500 (ඩොලර් 158642) කි.
පාපන්දු ලීග සදහා වාර්ෂික දීමනා හා ප්‍රවර්ධන කටයුතු සදහා 2025 ට වෙන් කර තිබෙන මුදල රුපියල් 68675000 (ඩොලර් 237797) කි.ක්‍රීඩා සමාජ ප්‍රවර්ධන කටයුතු සදහාත් එහිදී රුපියල් 30591600 ක් (ඩොලර් 103700 ක්) වෙන් කර තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ 2025 වාර්ෂික මහ සභා රැස්වීම ලීග 61 ක නියෝජිතයන්ගේ සභභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.එහිදී පසුගිය ගිණුම් වාර්තාව ඇතුළුව ඊට ඉදිරිපත් වූ සියළු යෝජනා සදහා ඒකමතිමව මහ සභාවේ අනුමැතිය ලැබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.