Last Update  :  2026-04-16 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරු 15 ක් ඔලිම්පික් නිලවරණයට

ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරු 15 ක් ඔලිම්පික් නිලවරණයට

editorial - 2026 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ )

අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය (2026 - 30) සදහා ජාතික ක්‍රීඩා සංගම් 15 ක සභාපතිවරු නාමයෝජනා භාරදීමට කටයුතු කර තිබේ. ඒ විධායක සභාවේ සභාපති ධූරය හැරෙන්නට සෙසු තනතුරු රැසක් සදහාය.

ඉදිරිපත් වූ නාමයෝජනා සදහා විරෝධතා භාර ගැනීම හෙට (17) පස්වරු 4 දක්වා සිදු කෙරේ.විරෝධතා විභාග කිරීම අප්‍රේල් 18 - 19 යන දිනවලදී සිදු කිරීමට නිලවරණ කමිටුව කටයුතු යොදා තිබේ. සභාපති ධූරයට අපේක්ෂකයන් පස් දෙනෙකු ඉදිරිපත්ව සිටියත් වාර්තා වන පරිදි මෙවර නිලවරණයේදී ප්‍රධාන සටන පවතින්නේ  සභාපති අපේක්ෂකයන් වන ජස්වර් උමාර් හා ශිරන්ත පීරිස් යන මහත්වරුන්ගේ පාර්ශව දෙක අතරය.

මෙවර නිලවරණයේදී ජාතික ක්‍රීඩා සංගම් 29 කට ඡන්ද බලය හිමිව තිබෙන අතර ක්‍රීඩකයන්ගේ කමිටුවට පමණක් එහිදී ඡන්ද දෙකක් ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව ප්‍රකාශිත මුළු ඡන්ද 31 කින් අවම 16 ක් හිමි කර ගන්නා පාර්ශවයට (සභාපතිවරයාට) ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග සිව් වසර සදහා පාලන බලය හිමිවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පළමු වතාවට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හිමිව තිබුණත් ඔවුන්ට මෙවර නිලවරණයේදී ඡන්ද බලය හිමි නොවේ. ඒ කමිටුවේ සාමාජිකත්වය අළුතින් ලබන ජාතික ක්‍රීඩා සංගමයක් අවම වසරක නිරීක්ෂණ කාලයක් සම්පූර්ණ කළ යුතු බැවිනි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා නිලවරණ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට (2026 -30) ඉදිරිපත් වූ නාමයෝජනා 
සභාපති ධූරයට : - දේවා හෙන්රි (හිම ක්‍රීඩා), අසංග සෙනවිරත්න (බේස්බෝල්), ජස්වර් උමාර් (පාපන්දු), ශිරන්ත පීරිස් (ඉලක්කයට වෙඩි තැබීමේ), ප්‍රීති විරාජ් පෙරේරා (ඔරු පැදීම)

මහ ලේකම් ධූරයට : - රිෆ්ඩි ෆාමි (ජල ක්‍රීඩා), නිෂාන්ත පියසේන (නූතන පංච ප්‍රයාම)

භාංඩාගාරික ධූරයට : - වරුන් අජිත් ජයකුමාර් (පැසිපන්දු), දසුන් අරෝශන විජේසිංහ (ටයිකොන්ඩෝ), ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (කඩු හරඹ)

උප සභාපති ධූරයන්ට (4) : - ඉක්බාල් ඉසාක් (ටෙනිස්), ප්‍රිති විරාජ් පෙරේරා (ඔරු පැදීම), අසංග සෙනවිරත්න (බේස්බෝල්), නිලූ ජයතිලක (ගොල්ෆ්), බිමල් විජයසිංහ (මලල ක්‍රීඩා),සරත් හේවාවිතාරණ  (මල්ලවපොර),ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (කඩු හරඹ), ජේය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත වොලිබෝල්), රොෂාන් ගුණවර්ධන (බැඩ්මින්ටන්), පෙරුමාල් විශ්වනාතන් (හොකී)

උප ලේකම් ධූරයට : - සරත් හේවාවිතාරණ (මල්ලවපොර), සමන්ත නානායක්කාර (සුළං ඔරු), අස්මිත ගුණරත්න (රුවල් ඔරු),

උප භාංඩාගාරික ධූරයට : -දසුන් විජේසිංහ (ටයිකොන්ඩෝ), අසංක ආරියචන්ද්‍ර (ජූඩෝ), 

කමිටු සාමාජික ධූරයන්ට (3) : - අක්රි අමීර් (තුන් ප්‍රයාම), මහින්ද ලියනගේ  (පිහිනුම්), කෝසල වික්‍රමනායක (අසුන් පිටයාම), සමන්ත නානායක්කාර ( සුළං ඔරු), පවිත්‍ර ප්‍රනාන්දු (රග්බි), දනූන තිලකරත්න (කදු නැගීම), රොෂාන් ගුණවර්ධන (බැඩ්මින්ටන්), උපාලි රාජපක්ෂ (අත්පන්දු හෙවත් හෑන්ඩ්බෝල් )


අදහස් (0)

ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරු 15 ක් ඔලිම්පික් නිලවරණයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.