ශ්‍රී ලංකාවේ ක්‍රීඩා විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරෙන ක්‍රීඩා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය (2019) සඳහා අයැදුම්පත් පෙබරවාරි 14 වැනිදා දක්වා බාර ගැනේ. එම සම්මාන ප්‍රදානෝත්සවය ලබන අප්‍රේල් 6 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන වසරේ ප්‍රධානතම ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවයේ දී ජාත්‍යන්තර හා ජාතික කෙළිබිමේ 2019 වසරේ දී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, ක්‍රීඩා පරිපාලන නිලධාරින්, මාධ්‍යවේදීන්, ක්‍රීඩා ප්‍රවීණයන් ඇතුළුව වෘත්තිකයන් රැසකට සම්මාන හා ඇගයීමේ පදක්කම් ප්‍රදානය කෙරේ. එවැනි සම්මාන 40ක් දේශීය ක්‍රීඩාවේ දක්ෂයන් හා ප්‍රවීණයන් සඳහා ප්‍රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
පසුගිය වසරේ දී මෙන් මෙවරත් වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා, ක්‍රීඩිකාව වසරේ නැගී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව යන විශේෂ සම්මාන හතරක් අනුග්‍රාහකයන්ගේ එකඟතාවය පරිදි ප්‍රදානය කිරීමට සැලසුම්කර ඇතැයි ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රධාන අධීක්ෂණ කමිටුවේ සභාපති සමන් අමරසිංහ මහතා පවසයි.
මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ක්‍රීඩාවේ ප්‍රවීණයන් උදෙසා නාමධාරි සම්මාන කීපයක් ද ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
සම්මාන සඳහා ඉදිරිපත් කරන සියලු අයැදුම්පත්‍ර සභාපති, ජනාධිපති ක්‍රීඩා සම්මාන - 2019, ක්‍රීඩා අමාත්‍යංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 7 යන ලිපිනයට හෝ chairman.psa.2019@gmail.com යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කළ යුතුය.
නිල අයැදුම්පත්‍රිකා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙතින් ද ලබාගත හැකිය. නිර්දේශ කෙරෙන සම්මානලාභීන්ගේ නාම ලේඛනය පෙබරවාරි 26, 27, 28 යන දිනවල ක්‍රීඩා අමාත්‍යාංශ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කෙරේ.
2019 වසරේ සිය දෙස් විදෙස් ක්‍රීඩා දක්ෂතා පදනම් කර ගනිමින් ක්‍රීඩා වෘත්තිකයින්ට සම්මාන ප්‍රදානෝත්සවය සඳහා අයැදුම් කළ හැකිය. ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද අයැදුම්කරුවන්ට හිමිවේ.
නාමධාරි සම්මාන:-
ක්‍රීඩාභිමානි, ක්‍රීඩා දේනෝත්තර, ක්‍රීඩා කීර්ති, ක්‍රීඩා ලංකාප්‍රදීප, ක්‍රීඩා රත්න, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා ප්‍රභා.
දක්ෂතා සඳහා පිරිනැමෙන සම්මාන:-
වසරේ ක්‍රීඩා විශිෂ්ටයා, වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩිකාව, වසරේ කුසලතා පූර්ණ කණ්ඩායම හා ක්‍රීඩක (පිරිමි) කණ්ඩායම, වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ කුසලතා පූර්ණ විශේෂ දක්ෂතා ක්‍රීඩිකා (කාන්තා) කණ්ඩායම හා ක්‍රීඩක (පිරිමි) කණ්ඩායම, වසරේ විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ නැගී එන කුසලතා පූර්ණ ක්‍රීඩිකා (කාන්තා) සහ ක්‍රීඩක (පිරිමි) කණ්ඩායම, වසරේ නැගී එන කුසලතා පූර්ණ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ නැගී එන කුසලතා පූර්ණ ක්‍රීඩිකා (කාන්තා) කණ්ඩායම හා ක්‍රීඩක (පිරිමි) කණ්ඩායම, වසරේ නැගී එන කුසලතා පූර්ණ විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ කුසලතා පූර්ණ විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ කුසලතා පූර්ණ තාක්ෂණ නිලධාරියා, විනිසුරු හෝ තරග තීරක හා තාක්ෂණික නිලධාරිණිය, විනිසුරුවරිය හෝ තරග තීරකවරිය, වසරේ කුසලතා පූර්ණ පුහුණුකරු හා පුහුණුකාරිය, වසරේ කනිෂ්ඨ පුහුණුකරු හා පුහුණුකාරිණිය, වසරේ පුහුණුකරු - විශේෂ අවශ්‍යතා ක්‍රීඩා, වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථයා, වසරේ ක්‍රීඩා වෛද්‍යවරයා, වසරේ කුසලතා පූර්ණ විනෝද ක්‍රීඩා සම්පාදක ආයතනය, වසරේ ක්‍රීඩා ප්‍රවර්ධන අනුග්‍රාහක ආයතනය, වයස 21න් පහළ ඉසව් සඳහා වසරේ ප්‍රවර්ධන අනුග්‍රාහක ආයතනය, වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා ඡායාරූප ශිල්පියා, වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා (මුද්‍රිත) ප්‍රකාශනය, වසරේ කුසලතා පූර්ණ රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන (කාලීන තොරතුරු හා සජීවී), වසරේ කුසලතා පූර්ණ ගුවන් විදුලි වැඩසටහන (කාලීන තොරතුරු හා සජීවී), වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා (මුද්‍රිත) පිටුව (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි), වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා සමාජ මාධ්‍ය ජාලය, වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා සංගමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.