Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් ඔලිම්පියාඞ් (තරුණ) තරගාවලියට යති

චෙස් ඔලිම්පියාඞ් (තරුණ) තරගාවලියට යති

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චෙස් ඔලිම්පියාඞ් (තරුණ) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම ඊයේ (13) අලූයම හංගේරියාව බලා පිටත්ව ගියේය. එම තරගාවලිය ඊයේ (14) ආරම්භ වූ අතර එය 22 වැනිදා දක්වා හංගේරියාවේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම කී‍්‍රඩිකාවක් හා කී‍්‍රඩකයින් හතර දෙනෙකුගෙන්ද, නිලධාරිනියකගෙන්ද  සමන්විතය.

ජාතික චෙස් ශූරියක වන දසුනි හංසිකා මෙන්ඩිස් (විශාඛා විද්‍යාලය - කොළඹ), කනිෂ්ඨ ජාතික චෙස් ශූරයා වන මිනුල් දොළුවීර (රාජකීය විද්‍යාලය - කොළඹ), දිනෙත් නාඔටුන්න (ඞී.එස්. සේනානායක විද්‍යාලය - කොළඹ), සුපුන් කුරුප්පු (ආනන්ද විද්‍යාලය - කොළඹ), එන්. එන්. බී. හේරත් (ඉකොලි ජාත්‍යන්තර පාසල - කොළඹ) ශ්‍රී ලංකා චෙස් කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.

කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස කටයුතු කරන්නීය.

ශ්‍රී  ලංකා චෙස් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා සහ එම සම්මේලනයේ ලේකම් ලක්‍ෂ්මන් විජේසූරිය යන මහත්වරුන් සමග ඡයාරූපයකට මුහුණදුන් අයුරුයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පළමු පෙළ වමේ සිට: දසුනි හංසිකා, සඳමාලි අවිරුප්පොල මහත්මිය (කළමනාකාරිණී), උපාලි ගුණසේකර මහතා (සභාපති - ශ්‍රී ලංකා චෙස් සම්මේලනය), ලක්‍ෂ්මන් විජේසූරිය මහතා (ලේකම් - ශ්‍රී ලංකා චෙස් සම්මේලනය)
දෙවන පෙළ වමේ සිට: මිනුල් දොළුවීර, එන්. එන්. බී. හේරත්, සුපුන් කුරුප්පු සහ දිනෙත් නාඔටුන්න.

 


අදහස් (0)

චෙස් ඔලිම්පියාඞ් (තරුණ) තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.