Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චීනයේ පාපැදි තරගාවලියකට කණ්ඩායම් දෙකක්

චීනයේ පාපැදි තරගාවලියකට කණ්ඩායම් දෙකක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන අගෝස්තු 6 සහ 7 දිනවල චීනයේ සින්ගි නගරයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පාපැදි තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිරිමි හා කාන්තා පාපැදි කණ්ඩායම් දෙකක් සහභාගි කරවිමට ක්‍රීඩා අමාත්‍යංශය විධි විධාන යොදා ඇත.
 
ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව ක්‍රීඩා හුවමාරු ව්‍යාපෘතිය යටතේ චීන රජයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඇරයුම අනුව අදාළ පාපැදි කණ්ඩායම් දෙක සහභාගි කරවන අතර එම කණ්ඩායම් දෙක ලබන අගෝස්තු 2 දා චීනය බලා පිටත්වීමට නියමිතය.
 
පසුගියදා අවසන් වූ 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි ශූරතාවේ පිරිමි අංශයෙන් හා කාන්තා අංශයෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් පාපැදි  ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන්  මෙම සංචාරය සඳහා තෝරාගෙන ඇත.
 
චීන රජයේ ඇරයුම අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට සහ එක් නිළධාරියෙක්ට සහභාගී  විය හැකි වුවත් ජාතික ශූරතාවේ  පිරිමි හා කාන්තා  අංශයේ තරග ප්‍රතිඵල අනුව 4 වැනි ස්ථාන දක්වා එකම තරග නිමා කාලයක්  ඇති හෙයින් ක්‍රීඩා අමාත්‍යංශය අංශ දෙකෙහිම හතරවැනියා  දක්වා චීන සංචාරයට අවසර ඉල්ලා ඇතත් චීනයෙන් ඊට පිළිතුරු මේ දක්වා ලැබී නැතැයි වාර්තා වේ.
 
පිරිමි කණ්ඩායම
එස්.ඒ.එස්. දිමන්ත (බස්නාහිර), එම්.ඒ.ඩී. මැඩොන්ෂා (බස්නාහිර), බුද්ධික වර්ණකුලසූරිය(වයඹ)
 
කාන්තා කණ්ඩායම
පී.ඒ.එස්.ප්‍රියදර්ශනී (වයඹ), දිනේෂා දිල්රුක්ෂි (වයඹ), ජී.ඒ.එස්.දිල්හානි (බස්නාහිර)

අදහස් (0)

චීනයේ පාපැදි තරගාවලියකට කණ්ඩායම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.