Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO

චානා සමුගනී

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියෙකු ලෙස කටයුතු කළ චානක සිල්වා මහතා අද (9 වැනිදා) සිය ජීවන ගමනින් සමුගත්තේය. මියයන විට 40 වැනි වියෙහි පසුවූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි වසර 20 කට වැඩි කාලයක් සේවය කර ඇත.

වසර 18 ක් පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ සේවය කළ චානක ද සිල්වා මහතා අපූරු නිර්මාණශීලිත්වයකින් යුතු අයකු විය. “චානා” ලෙසින් මාධ්‍ය ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය තැනැත්තකු වූ චානක ද සිල්වා මහතාගේ මුවග නිතරම රැඳුණේ “අපි සේවය කරන්නේ ආයතනයට මිසක් පුද්ගලයන්ට නෙමේ” යන්නයි. 

චානක සිල්වා මහතා වසර දෙකකට පමණ පෙර මග්ගොන සරේ ක්‍රීඩාංගණයට අනුයුක්ත කළ අතර මිය යන තෙක්ම ඒ මහතා එහි සේවය කළේය. කළුතර කටුකරුන්දේ, ධර්මපාල මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වූ චානක මහතා 1998 වන තෙක් එහි අධ්‍යාපනය ලබා තිබේ. 

මෙහි පහත පළවන්නේ ඬේලි මිරර් පුවත්පතේ හිටපු ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා මහතා චානක සිල්වා මහතා සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ තැබූ සටහනකි. 

“චානා නැති ප්‍රෙස් බොක්ස් එකක් ගැන හිතාගන්නත් බෑ. ප්‍රෙස් බොක්ස් එකේ කම්මැලිකම නැති කළේ චානා.... ප්‍රෙස් බොක්ස් එකේ මුස්පේන්තු ගතිය නැති කරලා, විහිළුවක් කරලා, සද්දයක් දාලා, මාධ්‍ය කාරයන්ගේ අඩුපාඩු සියල්ල සපුරලා ගේම ලස්සනට ගහපු කොල්ලා.”

“කට හොඳ නැති උනාට හිත හොඳ කොල්ලා..... ඕනම කෙනෙකුට කියන එක බය නැතුව කෙලින්ම කිව්වා.”

“මාධ්‍යකාරයන්ට චානා අනන්ත උදව් කළා. මාධ්‍යකාරයො නං චානට උදව් කළාද මංදා. එහෙම උදව් කරලා චානා ඇතිවෙන්න දඬුවම් වින්දා. මං දන්න විදියට අවසන් කාලෙත් එහෙම තමයි.”

ඇත්තම කියනවා නං, රාජකාරියට අමතරව මට නං චානා කිසිම උදව්වක් කරලා නෑ. ක්‍රිකට් බෝඞ් එකේ වෙන දේවල් වල නිව්ස් මට හතර වටෙන්ම ආවත් චානා කවදාවත් මට කිසිම දෙයක් කිව්වෙ නෑ. සමහර වෙලාවට ආපු නිව්ස් තහවුරු කරගන්න බල කරලාම ඇහුවත් මග ඇරලා ගියා. කෙළ බිඳක් හැලුවෙ නෑ.

“චන්ද්‍රිෂාන්ගෙ (පෙරේරා) ඉඳලා මාධ්‍ය කළමනාකරුවො පහලොවක් විස්සක් යටතේ චානා වැඩකරලා ඇති. ඒ ගොඩක් දෙනෙකුට නොතිබුණ මහජන සම්බන්ධතාව සම්බන්ධයෙන් හොඳ හැඟීමක් චානට තිබුණා. 

“හැම ක්‍රිකට් මාධ්‍යවේදියාගෙම හිතවතා චානා, මතකයන් ට ස්තුතියි!”

 


අදහස් (0)

චානා සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.