Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චරනගේ දස්කමින් තර්ස්ටන් අවසන් පූර්ව වටයට

චරනගේ දස්කමින් තර්ස්ටන් අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චරන නානායක්කාරගේ තුන් ඉරියව් දස්කම් නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල ඊයේ (26) සමත්විය.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ඉසිපතන විදුහල ලකුණු 171 කින් පරාජය කරමින් ඔවුහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය ඉසිපතන විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 73 ක් පමණි. චරන නානායක්කාර ලකුණු 18 කට කඩුලූ 3 ක් දවාගනිමින් ඉසිපතන විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 244 ක් රැුස්කළ අතර චරන නානායක්කාර (81* සහ සජිත් ගුණතිලක (74) අර්ධ ශතක රැුස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

තර්ස්ටන් විදුහල ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 244
(චරන නානායක්කාර 81, සජිත් ගුණතිලක 74, මන්හාජ් ජලීල් 42, කවිඳු කුලසේකර 17, චමීර දිසානායක 19/3, දුෂාන් නිර්මාන 38/2, සුදාර දක්ෂිණ 38/2)

ඉසිපතන විදුහල ඕවර 23.4 කදී සියලූ දෙනා දැවී 73
(ධනුර දීලක 29, කමින්ද පෙරේරා 14, චරන නානායක්කාර 18/3, ශෙනාල් විජේසිංහ 8/2, අචින්ත කල්පන 18/2)

036


අදහස් (0)

චරනගේ දස්කමින් තර්ස්ටන් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.