Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගොල්ෆ් දක්‍ෂතා හඳුනාගැනීමේ දිනය 10 දා

ගොල්ෆ් දක්‍ෂතා හඳුනාගැනීමේ දිනය 10 දා

Nisanka Sandeepani - 2018 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගොල්ෆ් ක්‍රීඩාවට දක්ෂ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම සඳහාම වෙන්කළ ‘දක්‍ෂතා හඳුනාගැනීමේ දිනය’ ලෙසින් දෙසැම්බර් මස 10 වැනිදා නම්කර තිබේ. කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ කනිෂ්ඨ අංශය සංවිධානය කරන මෙම වැඩසටහන මේ මස 10 වැනිදා එම ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

වයස අවුරුදු 9 ත් 13 ත් අතර පසුවන, දැනට කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබා නොමැති දරුදැරියන් වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇත. 

රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජය 2011 වසරේ පටන් ගොල්ෆ් ක්‍රීඩාවේ දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති තිබේ.  දැනට එම සමාජය සමග සම්බන්ධ වී සිටින කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට නවක දක්ෂයන් ඇතුළත් කරගැනීම මෙම නව වැඩසටහනේ අරමුණ වේ. 

ආරම්භයේ පටන්ම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ වූයේ රට වෙනුවෙන් අනාගත ගොල්ෆ් ශූරයන් බිහි කිරීම සඳහා දීර්ඝකාලීන සැලැස්මක් හඳුන්වා දීමයි. එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට මෙම වැඩසටහන ඔස්සේ නොමිලේ පුහුණුව, ක්‍රීඩා උපකරණ, පහසුකම් සහ ගොල්ෆ් ක්‍රීඩාංගණවල ක්‍රීඩාවේ නිරතවීමේ අවස්ථාව හිමිවෙයි. 

වසර 10 ක කාලයක් පුරා පුහුණුවීම මගින් ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙම වැඩසටහනට එක්වී වසර 5 ක් තරම් කෙටි කාලයකින් අනතුරුව වයස අවුරුදු 15 දී ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා ගොල්ෆ් ශූරිය බවට පත්වීමට ටානියා මිනෙල් බාලසූරිය සමත් වූවාය. 

“රට තුළ දක්ෂතා වලින් පිරිපුන් දරු දැරියන් රැසක් සිටින බවට කිසිදු විවාදයක් නැහැ. අවශ්‍ය වන්නේ ඔවුන් හඳුනාගෙන, ඔවුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා සක්‍රීය වැඩපිළිවෙළක් පවත්වාගෙන යෑමයි....ගොල්ෆ් ක්‍රීඩකයන් ලෙස අපගේ වගකීම වන්නේ රටේ ගොල්ෆ් ක්‍රීඩාව දියුණු කරමින් එය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම බව අප විශ්වාස කරනවා.” යයි කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ වෘත්තීය ගෝල්ෆ් ක්‍රීඩා ප්‍රධානී ජෙහාන් ද සේරම් මහතා පැවසීය. 

මේ මස 5 වැනිදාට පෙර 0775445153 දුරකථන අංකයට උය්එි්චච පණිවිඩයක් යොමු කිරීමෙන් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකිය. 

-036


අදහස් (0)

ගොල්ෆ් දක්‍ෂතා හඳුනාගැනීමේ දිනය 10 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.