Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මහරගම ජනාධිපති විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර පිළියන්දල මහජන කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කැලණිය ගුරුකුල විදුහල සමත්විය.

එහිදී අගනා ඉනිමක් කී‍්‍රඩාකළ නුවන්ත මධුසංක, හයේ පහර 8 ක් සහ හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 154 ක් රැස්කළේය.

තරගය නරත කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ගුරුකුල විදුහල  ඕවර 50.3 ක් අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 310 ක් ලබා සිටියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විදුහල  ඕවර 42.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 115 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පන්දුයැවීමක නිරත වූ දිලිප් චාමර, ගුරුකුල විදුහල වෙනුවෙන් ලකුණු 48 කට කඩුලූ 4 ක් දවාගත්තේය.

 

 

 

ජනාධිපති විදුහල පළමු ඉනිම -  ඕවර 42.2 සියලූ දෙනා දැවී 115
(මේනුක සංජුල 35, දිලිප් චාමර 48/4, තරූෂ ඉමේෂ් 25/2)

කැලණිය ගුරුකුල විදුහල පළමු ඉනිම -  ඕවර 50.3 කඩුලූ 8 ක් දැවී 310
(නුවන්ත මධුසංක නොදැවී 154, නික්ෂාන් සසංග 47, රුචිර දිල්ෂාන් 26, ලෝචන විජේසේකර 48/2, විසල් දුල්මින්ද 31/2)


අදහස් (0)

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.