Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ග්‍රාන්ට් ෆ්ලවර් ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු වෙයි

ග්‍රාන්ට් ෆ්ලවර් ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු වෙයි

යොහාන් භාසුර - 2019 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



සිම්බාබ්වේ හිටපු ප්‍රබල පිතිකරුවකු වන ග්‍රාන්ට් ෆ්ලවර් මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ද, ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන තිරුමාලෙයි සීකර් මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස ද, පත්කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ ෆ්ලවර් සහ සීකර් යන මහත්වරු ඉදිරි සතියේ වැඩ ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

සිම්බාබ්වෙන් බිහිවූ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන 48 හැවිරිදි ග්‍රාන්ට් ෆ්ලවර් 2010 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 67 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 221 කට ක්‍රීඩා කර සිටියේය.

ග්‍රාන්ට් ෆ්ලවර් මහතා 2014 වසරේ සිට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ ඒ මහතාගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය.

ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවකු වන තිරුමාලෙයි සීකර් මහතා එම්.ආර්.එෆ්. වේග පන්දු යවන්නන්ගේ පුහුණු පාසලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළේය. 63 වැනි වියේ පසුව සීකර් මහතා අයි.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් කීපයක ද කටයුතු කළේය.


අදහස් (0)

ග්‍රාන්ට් ෆ්ලවර් ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.