Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගල්කිස්ස සා. තෝමස් අර්ධ අවසන් පූර්ව වටයට

ගල්කිස්ස සා. තෝමස් අර්ධ අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අද (27) සමත්විය.

කොළඹදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ඞී. එස්. සේනානායක විදුහල ලකුණු 52 කින් පරාජය කරමින් ඔවුහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

තරගය ජයගැනීම සඳහා ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය ඞී. එස්. සේනානායක විදුහලේ පිතිකරුවන්ට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 207 ක් පමණි. හෙලකමල් නානායක්කාර ලකුණු 39 කට ඞී. එස්. පිලේ කඩුලූ 4 ක් දවාගනිමින් තම කණ්ඩායමේ ජයග‍්‍රහණය පහසු කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල නියමිත  ඕවර 50 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 259 ක් රැස්කළ අතර තිලක්ෂ සුමනසිරි (77) සහ මදුෂාන් රවිචන්ද්‍රකුමාර් (62) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

සාන්ත තෝමස් විදුහල ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 259
(තිලක්ෂ සුමනසිරි 77, මදුෂාන් රවිචන්ද්‍රකුමර් 62, හෙලකමල් නානායක්කාර නොදැවී 48, තරිඳු රත්නායක 25, දුලීක බ‍්‍රාහ්මණගේ 55/5)

ඞී. එස්. සේනානායක විදුහල ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 207
(ශිෆ්රාන් මුතාලිෆ් 56, උවින් බණ්ඩාර 34, කවින් බණ්ඩාර 32, හෙලකමල් නානායක්කාර 39/4, සචිත් ජයතිලක 30/2, සජන ද සිල්වා 41/2, මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 41/2)

036


අදහස් (0)

ගල්කිස්ස සා. තෝමස් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.