මහනුවර ධර්මරාජ විදුහල් ආදි සිසු කණ්ඩායම සහ කිංග්ස්වුඞ් විදුහල් ආදි සිසු කණ්ඩායම අතර මහනුවර ලේක් වීව් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 40 න් ඉහළ විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහල් ආදි සිසු කණ්ඩායම සමත් විය.
එහිදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ කිංග්ස්වුඞ් කණ්ඩායමේ සුවන්ජි මදනායක තරගයේ වීරයා සහ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දිනාගත් අතර එම කණ්ඩායමේම මංජුල පීලියංග දක්ෂතම පන්දුයවන්නා ලෙස සම්මාන දිනාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස්වුඞ් කණ්ඩායම ඕවර 12 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
ධර්මරාජ ආදි සිසු පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 104
(සේනක පීරිස් 24, සාලිය ජයසුන්දර 24, සුවන්ජි මදනායක 15/2, මංජුල පීලියංග 20/2, උදයංග නානායක්කාර 22/2)
කිංග්ස්වුඞ් ආදි සිසු පිල - ඕවර 12 කදී කඩුලු 3 කට 106
(සුවන්ජි මදනායක නොදැවී 56, උපුල් සුමනසේකර 29)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.