(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ කොල්ට්ස් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
එහිදී කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට රවිඳු රසාන්ත (111) සමත් වූ අතර එම කණ්ඩායමේම ධනංජය ලක්ෂාන් (79) සහ මුදිත ලක්ෂාන් (69) පළමු ඉනිමේදීද, සංගීත් කුරේ (54) සහ දිනේෂ් චන්දිමාල් (75) දෙවැනි ඉනිමේදීද අර්ධ ශතක ලැබූහ.
මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර (71) සහ ෂෙහාන් ප්‍රනාන්දු (57) අර්ධ ශතක වාර්තා කළ අතර එම කණ්ඩායමේම ශිරාන් ප්‍රනාන්දු ලකුණු 46 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
කෝල්ට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 288
(දිනේෂ් චන්දිමාල් 20, ධනංජය ලක්ෂාන් 79, මුදිත ලක්ෂාන් 69, යොහාන් මෙන්ඩිස් 31, අකිල ධනංජය 26, ශිරාන් ප්‍රනාන්දු 46/5, මිලාන් රත්නායක 63/3)
මුවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 173
(ජනිෂ්ක පෙරේරා 44, පසිඳු සූරියබණ්ඩාර 71, උදිත මධුෂාන් 34/4, ධනංජය ලක්ෂාන් 23/2, අකිල ධනංජය 31/2, කවිෂ්ක අංජුල 47/2)
කෝල්ට්ස් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 287
(රවිඳු රසාන්ත 111, සංගීත් කුරේ 54, දිනේෂ් චන්දිමාල් 75, ධනංජය ලක්ෂාන් නොදැවී 20, ප්‍රවීන් ජයවික්‍රම 79/3)
මුවර්ස් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 162
(ෂෙහාන් ප්‍රනාන්දු 57, සදීර සමරවික්‍රම 20, පසිඳු සූරියබණ්ඩාර 24, රමේෂ් මෙන්ඩිස් නොදැවී 42)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.