Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ ‘බී’ II කාණ්ඩයේ අවසන් තරගයට

කොළඹ ‘බී’ II කාණ්ඩයේ අවසන් තරගයට

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ II කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ පැසිපන්දු සමාජයේ ‘බී’ කණ්ඩායම සමත්විය.

පළමු අවසන් පූර්ව තරගයේදී රාජකීය පැසිපන්දු සමාජ කණ්ඩායමට එරෙහිව ලකුණු 51 - 50 ක තියුණු ජයක් වාර්තා කරමින් ඔවුහු අවසන් මහ තරගයට පිවිසියහ. තරගාවලිය පුරාම අපරාජිත බව රැකගත් කොළඹ ‘බී’ කණ්ඩායම තරගයේ පළමු අර්ධය නිමා වන විටද ලකුණු 37 - 30 ක් ලෙස පෙරමුණේ පසුවිය.

පළමු අර්ධය තුළ තරමක පීඩනයකින් කී‍්‍රඩා කළ රාජකීය කණ්ඩායම, දෙවැනි අර්ධයේදී නැවතත් තරගයට අවතීර්ණ වෙමින් ආක‍්‍රමණශීලී කි‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළද තරගයේ නියමිත කාළය අවසන් වන විට ඔවුන් සිටියේ කොළඹ ‘බී’ කණ්ඩායමට වඩා එක් ලකුණක් පසුපසිනි.

කොළඹ ‘බී’ කණ්ඩායම වෙනුවෙන් දිමිති‍්‍ර ලකුණු 16 ක්ද, මාර්ක් විලී ලකුණු 15 ක් ද රැස්කළ අතර රාජකීය කණ්ඩායම වෙනුවෙන් සමීර චානක සහ ජූලියන් ගුණසිංහ පිළිවෙළින් ලකුණු 12 ක් සහ 10 ක් බැගින් රැුස්කළහ.

-036


අදහස් (0)

කොළඹ ‘බී’ II කාණ්ඩයේ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.