මලයාසියාවේ අධ්‍යාපන අමාත්‍යංශයට අයත් විද්‍යා හා තාක්‍ෂණික විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන ඔරු පැදීමේ තරගාවලියකට සහභාගි වීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ඔරු පැදීමේ කණ්ඩායම හෙට (21 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි. මලයාසියාවේ පුත්රජයා හිදී කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ඔරුපැදීමේ තරග වලට සහභාගි වන සිවුවැනි අවස්ථාව මෙයයි.
පළමු වරට එම තරගාවලියට සහභගි වූ වසර 2010 දී නියමුවා නොමැතිව, සිවුදෙනකු විසින් පැදයන තරග වලදී රන් පදක්කම දිනාගැනීමට සමත් වූ කොළඹ විශ්වවිද්‍යාලීය පිරිමි කණ්ඩායම කේවල තරග වලදීත් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
එම වසරේදීම කොළඹ විශ්ව විද්‍යාලයීය පිරිමි කණ්ඩායම, නියමුවා සහිත 8 දෙනාගේ තරගයේදී කණ්ඩායම් 18 කින් 5 වැනි ස්ථානය අත්කරගත් අතර නියමුවා රහිත සිවුදෙනාගේ තරගයේදී කණ්ඩායම් 19 ක් අතුරින් 6 වැනි ස්ථානය හිමිකරගත්තේය.
පසුගිය වසරේදීත් මෙම තරගාවලියේදීම ලෝකඩ පදක්කමක් හිමිකරගත් කොළඹ විශ්ව විද්‍යාලයීය කන්තා කණ්ඩායම තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 37 කින් 5 වැනි ස්ථානය ලබාගත්තේය.
මෙවර තරගාවලියේදී පිරිමි කණ්ඩායම ප‍්‍රවීන් ලියනගේ විසින් මෙහෙයවනු ලබන අතර චන්දුලා වල්ගම කාන්තා කණ්ඩායම මෙහෙයවන්නීය. වසර 25 කට වැඩි කලක් තිස්සේ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පුහුණුකරවනු ලබන්නේ ලොයිඞ් සිරිමාන්න මහතා විසිනි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශක සෙනරත් අල්විස් මහතා සහ සහාය පුහුණුකාරීනි යසෝ ඉන්ද්‍රාණි සිරිමාන්න මහත්මියද කණ්ඩායම් සමග මැලේසියාව බලා පිටත්ව යති
පිරිමි කණ්ඩායම
ප‍්‍රවීන් ලියනගේ, හේමක පි‍්‍රයනාථ, මාධව පෙරේරා, කමලරුබන් නාගරත්නම්, ෂෙහාන් දයාරත්න, චරිත් ද අල්විස්, නිලාන් මිහිඳුකුලසූරිය, සංජීව් චන්ද්‍රසේකරන්, ෆැඞ්හිල් ඉක්බාල්, අශාන් වෙත්තසිංහ සහ සම්පත් ජයසිංහ,
කාන්තා කණ්ඩායම
චන්දුලා වල්ගම, දිමන්ති ඩයස්, රශ්නි ආනන්දවංශ, අයෝධ්‍යා ගජනායක, ගීත්මා වේරපිටිය, සඳමිනි කණ්ඩම්බි, රුවිනි රාජසූරිය, මනාෂා වීරරත්න සහ මාධවී අනුරාධි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.