සුගතදාස කී‍්‍රඩාංගණයේ පැවැති 41 වැනි සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනාගැනීමට ලකුණු 631.5 ක් ලබාගත් කොළඹ ශාන්ත ජෝශප් විදුහල සමත් වූ අතර ලකුණු 545.5 ක් ලබාගත් මහනුවර මහාමායා විදුහල සමස්ත බාලිකා ශූරතාව දිනාගත්තේය.
ශාන්ත ජෝශප් විදුහල මෙම තරගාවලියේ බාලක ශූරතාව දිනාගත් 11 වැනි අවස්ථාව මෙය වන අතර මහාමායා විදුහල මෙම තරගාවලියේ බාලිකා ශූරතාව දිනාගත් 16 වැනි අවස්ථාව මෙය ලෙස සඳහන්වේ.
ආසියානු ජාත්‍යන්තර පාසලේ මැතිව් අබේසිංහ සහ මිචිකෝ රහීම් තරගාවලියේ වයස 19 න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත්හ.
මෙම තරගාවලියට සමගාමීව පැවැති පාසල් කිමිදුම් තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනාගැනීමට ලකුණු 221 ක් ලබාගත් කොළඹ රාජකීය විදුහල සමත්වූ අතර සමස්ත බාලිකා ශූරතාව දිනාගැනීමට ලකුණු 101 ක් ලබාගත් කොළඹ ශාන්ත බිෂොප් විදුහල සමත්විය.
ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස නෙස්ලේ ලංකා සමාගම කටයුතු කළේය.
දක්ෂතම කී‍්‍රඩකයන්
වයස 15 න් පහළ - අකලංක පීරිස් (කොළඹ ශාන්ත පීතර විදුහල)
වයස 17 න් පහළ - ඉමේෂ් චතුරංග (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල)
වයස 19 න් පහළ - මැතිව් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල)
දක්ෂතම කී‍්‍රඩිකාවන්
වයස 15 න් පහළ - කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල)
වයස 17 න් පහළ - හිරුනි ද සොයිසා (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල)
වයස 19 න් පහළ - මිචිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල)
කණ්ඩායම් ශූරතා (බාලක)
වයස 15 න් පහළ - කොළඹ ශාන්ත ජෝශප් විදුහල (ලකුණු 122)
වයස 17 න් පහළ - කොළඹ ශාන්ත ජෝශප් විදුහල (ලකුණු 187.5)
වයස 19 න් පහළ - කොළඹ රාජකීය විදුහල (ලකුණු 218)
කණ්ඩායම් ශූරතා (බාලිකා)
වයස 15 න් පහළ - මහනුවර මහාමායා විදුහල (ලකුණු 140)
වයස 17 න් පහළ - කොළඹ විශාකා විදුහල (ලකුණු 148)
වයස 19 න් පහළ - කොළඹ කාන්තා විදුහල (ලකුණු 95)
කිමිදුම් තරග ප‍්‍රතිඵල (බාලක)
සමස්ත ශූරතාව - කොළඹ රාජකීය විදුහල (ලකුණු 221)
සමස්ත අනුශූරතාව - මෝදර ඩිලාසාල් විදුහල (ලකුණු 30)
තෙවැනි ස්ථානය - ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල (ලකුණු 19)
කිමිදුම් තරග ප‍්‍රතිඵල (බාලක)
සමස්ත ශූරතාව - කොළඹ ශාන්ත බිෂොප් විදුහල (ලකුණු 101)
සමස්ත අනුශූරතාව - ශාන්ත බි‍්‍රජෙට් කන්‍යාරාමය (ලකුණු 86)
තෙවැනි ස්ථානය - කොළඹ විශාකා විදුහල (ලකුණු 37)
පිහිනුම් තරග ප‍්‍රතිඵල (බාලක)
සමස්ත ශූරතාව - කොළඹ ශාන්ත ජෝශප් විදුහල (ලකුණු 631.5)
සමස්ත අනුශූරතාව - කොළඹ රාජකීය විදුහල (ලකුණු 436)
තෙවැනි ස්ථානය - කොළඹ ආනන්ද විදුහල (ලකුණු 362)
පිහිනුම් තරග ප‍්‍රතිඵල (බාලිකා)
සමස්ත ශූරතාව - මහනුවර මහාමායා විදුහල (ලකුණු 545.5)
සමස්ත අනුශූරතාව - කොළඹ කාන්තා විදුහල (ලකුණු 328)
තෙවැනි ස්ථානය - කොළඹ මියුසියස් විදුහල (ලකුණු 304.5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.