Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොමිලා වික්ටොරියන්ස් පෙරමුණට එයි

කොමිලා වික්ටොරියන්ස් පෙරමුණට එයි

Nisanka Sandeepani - 2017 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 42 කින් සමන්විත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුලික වටයේ තරග 34 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 14 ක් ලබා සිටින කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත්ව තිබේ. ටමීම් ඉක්බාල් නායකත්වය දරණ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම, මේ වන විට තරග 9 කට සහභාගි වී ඉන් තරග 7 ක් ජයගෙන ඇති අතර තරග 2 ක් පරාජයට පත්වී තිබේ. 

කුල්නා ටයිටන්ස් සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම් පිළිවෙලින් ප්‍රසාද ලකුණු 13 ක් සහ 11 ක් බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්ව සිටියි. අකිල ධනංජය, සීක්කුගේ ප්‍රසන්න සහ ෂෙහාන් ජයසූරිය කුල්නා ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි. 

මේ වන විට තරග 10 කට සහභාගි වී ඇති කුල්නා ටයිටන්ස් කණ්ඩායම ඉන් තරග 7 ක් ජයගෙන, තරග 2 ක් පරාජය වී ඇති අතර මෙතෙක් තරග 10 කට සහභාගි වී ඇති ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම  ඉන් තරග 5 ක් ජයගෙන, තරග 4 ක් පරාජයට පත්ව තිබේ. එම කණ්ඩායම් දෙක සහභාගි වූ තරග 2 ක් සහභාගි වූ තරගයක්ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. 

මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණ ගැනීමට රාංපූර් රයිඩර්ස් කණ්ඩායමේ රවී බොපාරා සමත්ව සිටියි. තරග 9 කදී අර්ධ ශතක 2 ක් සමගින් ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 322 කි. ඔහු මෙතෙක් රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ කුල්නා ටයිටන්ස් කන්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 59 යි. 

පිට පිටම ලබාගත් අර්ධ ශතක 3 ක් සමගින් තරග 6 කදී ලකුණු 207 ක් ලබා සිටින ෂිලාත් සික්සර්ස් කණ්ඩායමේ උපුල් තරංග වැඩිම ලකුණු ලාභින් අතර 10 වැනි ස්ථානයේ පසුවෙයි. 

කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ අබූ ජයේද් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර තරග 9 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 15 කි. මෙතෙක් ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ චිතගොංග් වයිකින්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගැනීමයි. 
රාංපූර් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන තිසර පෙරේරා මෙතෙක් සහභාගි වූ තරග 8 කදී කඩුලු 9 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර 15 වැනි ස්ථානයේ පසුවේ. 

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාර තරග 4 කදී උඩපන්දු 5 ක් රැකගනිමින් සහ ස්ටම්ප් කිරීමක් සමගින් වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායක වූ ක්‍රීඩකයා ලෙස මේ වන විට ඉදිරියෙන් සිටියි. 

මූලික වටයේ අවසන් 8 හෙට (2 වැනිදා) සිට ඩකාහිදී පැවැත්වේ. 

-036


අදහස් (0)

කොමිලා වික්ටොරියන්ස් පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.