වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ඊයේ (29) පැවැති තරගයේදී හැටන් නැෂනල් බැංකු පිල පරදවා ලකුණු 37 ක ජයක් හිමිකර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිල සමත්විය. තරගය තර්ස්ටන් විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
කොමර්ෂල් ක්‍රෙඩිට් ඕවර 47.4 කදී සියලූ දෙනාම දැවී 201
(ඉන්දික ද සේරම් 47, චාමර කපුගෙදර 40, චතුරංග ද සිල්වා 38, දිල්හාන් කුරේ 36, විමුක්ති පෙරේරා 54/4, සජීව වීරකෝන් 27/3, රනිල් ධම්මික 27/2)
හැටන් නැෂනල් බැංකුව ඕවර 38.2 කදී සියලූ දෙනාම දැවී 164
(මාධව වර්ණපුර 48, සමන් ජයන්ත 46, නිමේෂ් පෙරේරා 34, මලින්ද පුෂ්පකුමාර 28/3, චතුරංග ද සිල්වා 30/2, විශ්ව ප‍්‍රනාන්දු 32/2, සුරාජ් රන්දිව් 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.