Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුරුණෑගල යොවුන් පිලට මුල් ඉනිමේ ජයක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

කුරුණෑගල යොවුන් පිලට මුල් ඉනිමේ ජයක්

editorial - 2026 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කුරුණැගල යොවුන් ක්‍රීඩා සමාජය ඊයේ (1 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹා යමින් සිටි නුගේගොඩ කණ්ඩායම, තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 59 ක් ලබා, කුරුණැගල යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 161 ක් පසුපසින් සිටියේය. 

කුරුණෑගල යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 365 ට පිළිතුරු වශයෙන් නුගේගොඩ කණ්ඩායම ලකුණු 282 ක් ලබාගත්තේය. ඒ අනුව ලකුණු 83 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ කුරුණෑගල යොවුන් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබා ගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා නුගේගොඩ කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. 

කුරුණෑගල යොවුන් පළමු ඉනිමේදී ගයාන් මනීෂ (112) ද, නුගේගොඩ පළමු ඉනිමේදී පැතුම් කුමාර (නොදැවී 121) ද ශතක ලබාගත් අතර කුරුණෑගල යොවුන් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු 92 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය. නුගේගොඩ කණ්ඩායම වෙනුවෙන් නිපුන් මාලිංග කඩුලු 6 ක්ද, කුරුණෑගල යොවුන් පිල වෙනුවෙන් කසුන් ඒකනායක කඩුලු 5 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 


කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 365 
(ගයාන් මනීෂාන් 112, මනෝජ් සරත්චන්ද්‍ර 39, ලක්ෂාන් එදිරිසිංහ 45, චමෝද් සඳරු 92, චාමිකර එදිරිසිංහ 38, නිපුන් මාලිංග 70/6, අබ්දුල් හකීම් 104/2) 

නුගේගොඩ පළමු ඉනිම - සියලු දෙනා දැවී 282 
(ලොහාන් ද සොයිසා 33, ප්‍රමුද් හෙට්ටිවත්ත 23, පැතුම් කුමාර නොදැවී 121, කෙවින් පෙරේරා 20, අක්‍රම් මුතාලිබ් 44, කසුන් ඒකනායක 63/5, චාමිකර එදිරිසිංහ 48/2, දිනුෂ්ක මාලන් 72/2) 

කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 137  
(යොහාන් මැද්දගේ 49, දිනුෂ්ක මාලන් නොදැවී 21, අබ්දුල් හකීම් 30/3, ලොහාන් සොයිසා 34/2) 

නුගේගොඩ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 59 
(මධුක ලියනපතිරණ 20, කෙවින් පෙරේරා 19, චාමිකර එදිරිසිංහ 25/2) 


අදහස් (0)

කුරුණෑගල යොවුන් පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.