Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෑගල්ලේ පාපැදි සංගම් දෙකක් ගැටෙති

කෑගල්ලේ පාපැදි සංගම් දෙකක් ගැටෙති

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෑගල්ල දිස්ති‍්‍රක් පාපැදි සංගම් දෙකක් පිහිටුවීමෙන් උද්ගතවී තිබෙන අර්බුදය පිළිබඳව අද (04) කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේදී දෙපාර්ශවය ගෙන්වා පරීක්ෂණයක් පැවැත්වූ බව වාර්තා වේ.

කෑගල්ල දිස්ති‍්‍රක් පාපැදි සංගම් දෙකෙන් එකක උපුල් රණවක මහතා සභාපති ධුරය දරන අතර, අනෙක් සංගමයේ සභාපති ධුරය දරන්නේ රුවන්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති නුවන් මංජුල මහතාය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් පරීක්ෂණය මෙහෙයවීම හිටපු සහකාර කී‍්‍රඩා අධ්‍යක්ෂවරුන් වන කේ.එස්. පීරිස් සහ එන්.කේ. අබේකෝන් යන මහත්වරුන් විසින් කරන ලදි.

එහිදී දෙපාර්ශවයම තමන් තනතුරු දරන සංගමයේ නීත්‍යානුකූලභාවය සනාථ කිරීම සඳහා කරුණු දැක්වූ බව වාර්තා වේ. කෑගල්ල දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ වසර 2006 සිට ලේකම් ධුරය දරණ සමන්ත ගනේගම මහතා ‘ලංකාදීපය’ට පැවසුවේ මෙම ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් නොලැබුණොත් තම පාර්ශවය අධිකරණ කි‍්‍රයාමාර්ගයකට යාමට බලාපොරොත්තු වන බවයි.

වසර කීපයක් තිස්සේ උද්ගතවී තිබෙන මෙම ආරවුල අතර කෑගල්ල දිස්ති‍්‍රක් පාපැදි සංගමයට අයිතිවාසිකම් කියන සෙසු පාර්ශවය පසුගිය ජුනි 16 වැනිදා නිලවරණය පවත්වමින් අලූත් නිලධාරී මණ්ඩලයක්දපත්කර ගත්තේය.

කෑගල්ල දිස්ති‍්‍රක්කයේ පාපැදි කී‍්‍රඩා සමාජ දෙකක් බැගින් කෑගල්ල දිස්ති‍්‍රක් පාපැදි සංගමය නියෝජනය කරන මෙම පාර්ශව දෙකේ සාමාජිකත්වය ලබා සිටින බවත් වාර්තා වේ.


අදහස් (0)

කෑගල්ලේ පාපැදි සංගම් දෙකක් ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.