Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කැරම් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට

කැරම් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් රාජධානියේදී පැවැත්වෙන කැරම් ලෝක ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10 වැනිදා) සමත් විය. එහිදී චමිල් කුරේ සහ නිශාන්ත ප්‍රනාන්දු ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

රටවල් 23 ක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගවලියේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටි අතර එම තරගයෙන් තරග වට 2-1 ලෙස ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව ශූරතාව දිනාගත්තේය.  

ඉතා තියුණු තරගයකින් අනතුරුව ඉන්දියාව කාන්තා කණ්ඩායම් තරගාවලියේ ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකාවට එහි අනු ශූරතාව හිමිවිය.

මෙම තරගාවලියේ ‘ස්විස් ලීගය’ ජයගැනීමට ශ්‍රී ලංකාවේ ජාතික කැරම් ශූර චමිල් කුරේ සමත් විය. ඉන්දියාවේ සංදීප් ඩියොරුක්කර් එහි දෙවැනි ස්ථානයටත්, ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු තෙවැනි ස්ථානයටත් පත් වූහ.

තරගාවලියේ පිරිමි සහ කාන්තා කේවල තරග අද (10 වැනිදා) සහ හෙට (11 වැනිදා) පැවැත්වෙන අතර එහිදී නිශාන්ත ප්‍රනාන්දු සිය ලෝක ශූරතාව රැකගැනීම සඳහා චමිල් කුරේට සහ ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයන්ට එරෙහිව තරග වැදීමට නියමිතය.

 

නිශාන්ත ප්‍රනාන්දු

චමිල් කුරේ


- 036

 


අදහස් (0)

කැරම් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.