යුද්ධයෙන් පීඩාවට පත්වූ, අති දුෂ්කර ප‍්‍රදේශයක් වන කැබිතිගොල්ලෑවේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ නියුතු එකම පාසල වන කැබිතිගොල්ලෑව මහා විද්‍යාලයේ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට අවශ්‍ය කි‍්‍රකට් ආම්පන්න තොගයක් එංගලන්තයේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනකුගේ මූලිකත්වයෙන් පසුගියදා ප‍්‍රදානය කෙරිණ. මෙම කී‍්‍රඩා භාණ්ඩ ප‍්‍රදානය කිරීමට පෙර විද්‍යාලයේ තෝරාගත් කී‍්‍රඩකයන් 15 දෙනකු සඳහා ටෙස්ට් කී‍්‍රඩක සුරාජ් රන්දිව්ගේ මූලිකත්වයෙන් කි‍්‍රකට් පුහුණු කඳවුරක්ද පවත්වන ලදි.
බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබන රමිත් සරත්චන්ද්‍ර, දසිත් සරත්චන්ද්‍ර සහ අවිනාශ් සන්දීප් තිදෙනා එක්ව වැලිඔය යුද හමුදා කඳවුරේ 62 වැනි සේනාංකය සහ ඔටෝ මිරාජ් ආයතනයේ අනුග‍්‍රහයද ඇතිව මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන ලදි.
වැඩසටහන අවසානයේදී යකාවැව සහ කනුගහවැව ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසල් වලට අවශ්‍ය පාසල් පොත් පත් සහ ලිපිද්‍රව්‍යද ප‍්‍රදානය කෙරිණ. යුද්ධය නිසා අසරණභාවයට පත් ප‍්‍රදේශයේ පාසල් සිසුන්ගේ ප‍්‍රයෝජනය සඳහා වෙන වෙනම ගිණුම් සඳහා මුදල්ද පරිත්‍යාග කෙරිණ.
62 වැනි සේනාංකයේ අණදෙන නිලධාරී බි‍්‍රගේඩියර් දේවින්ද පෙරේරා සහ කර්නල් උපාලි රාජපක්‍ෂ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.