Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා තරග එජ්බැස්ටන්හිදී

කාන්තා තරග එජ්බැස්ටන්හිදී

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී පැවැත්විමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි20 තරගාවලියට අදාල තරග ලබන වසරේ ජූලි 29 සිට අගෝස්තු 7 දක්වා එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සංවිධායකයෝ නිවේදනය කරති. 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි20 තරගාවලිය සඳහා එංගලන්තය (තරගාවලිය සංවිධානය කරන රට), ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් (දූපත් අතර පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් පසුව) කණ්ඩායම් සෘජුවම සුදුසුකම් ලබාගෙන ඇත. තවත් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් පසුව 8 වැනි කණ්ඩායම තෝරා ගැනීමට නියමිතව ඇත.

කාන්තා කණ්ඩායම් 8 ක් අතර පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේ තරග ජූලි 29 සිට අගෝස්තු 4 දක්වා පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව තරග අගෝස්තු 6 පැවැත්වේ.
අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වූ කණ්ඩායම් අතර ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තරගය අගෝස්තු 7 වැනිදා පැවැත්වෙන අතර එදිනම අවසන් මහා තරගයද පැවැත්වේ. එහිදි ජයගන්නා කණ්ඩායමට රන් පදක්කම හිමිවන අතර පරාජය වන කණ්ඩායමට රිදී පදක්කම හිමිවනු ඇත.

1998 දී ක්වාලාලම්පූර් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි ඕවර 50 තරගයෙන් පසුව, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වේ.

අප්‍රේල් 1 වනදා වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා කණ්ඩායම් ශේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායම් 6 සහ සත්කාරක එංගලන්තය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සෘජුවම සුදුසුකම් ලබයි.

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණක් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කිහිපයක් එක්වී තනි කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඔව්හු වෙන වෙනම ක්‍රීඩා කරති. එබැවින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි20 තරගාවලියට එක්වන කණ්ඩායම තෝරා ගැනීම සඳහා බටහිර ඉන්දීය දූපත් අතර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් පැවැත්වේ. ඉන් ජයගන්නා කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි20 තරගාවලියට එක්වනු ඇත.


- 2079

 


අදහස් (0)

කාන්තා තරග එජ්බැස්ටන්හිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.