ජාතික ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා 9ක් කල් දැමීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ජූඩෝ, වෙරළ කබඩි, හොකී, එල්ලේ, ක්‍රිකට්, වෙරළ වොලිබෝල්, කඹ ඇදීම, වූෂූ සහ බැඞ්මින්ටන් යන ක්‍රීඩා පැවැත්වීමේ දින කල්දමා තිබේ.
මෙම ක්‍රීඩා අගෝස්තු මාසයේ සෑම සති අන්තයකදීම පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේත්තුව විධි විධාන යොදා තිබූ නමුදු මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පෙනීසිටින හෙයින් එම ක්‍රීඩා පවත්වන දිනයන් සංශෝධනයට පියවර ගත් බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂක අයි.පී.විජේරත්න මහතා පවසයි.
මෙම ක්‍රීඩා සියල්ලම සැප්තැම්බර් 12 සිට පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 23ක් අයත් වන අතර දැනට ඉන් ක්‍රීඩා 7 ක තරග පවත්වා අවසන් කර තිබේ. මැරතන්, ඇවිදීම, පාපැදි, චෙස්, මේස
පන්දු සහ කැරම් තරග අවසන් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.