Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමාව ලබති

ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමාව ලබති

Nisanka Sandeepani - 2017 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා ව්‍යාපෘතිය  යටතේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙහෙයවන ලද 5 වැනි ක්‍රීඩා කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (2015/2016) හැදෑරූ අභ්‍යාසලාභීන්ගේ  විසිරයාම සහ සහතිකපත් ප්‍රදානය පසුගියදා කොළඹ ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී පැවැත්විණි.

වසර 2007 සිට මෙම ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ලංකාවේ  ක්‍රියාත්මක වන අතර එදා සිට මේ දක්වා සාර්ථක ලෙස ක්‍රීඩා කළමනාකරණ උසස් පාඨමාලාව හදාරා ඇති අභ්‍යාසලාභීන් සංඛ්‍යාව 81කි.

දකුණු ආසියාවේ මෙන්ම මධ්‍යම  ආසියානු කලාපයේ ද මෙවැනි ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාවක් ක්‍රියාත්මක  වන්නේ ශ්‍රී ලංකාවේ පමණි.

මෙවර පාඨමාලාව සඳහා අභ්‍යාසලාභීන් 17 දෙනෙකු ඇතුළත් වූ නමුදු එය සාර්ථකව නිම කරන ලද්දේ 13 දෙනෙකු පමණක් බව පවසන ශ්‍රී ලංකා ජාතික ඔපිම්පික් කමිටුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඇතුළු විවිධ පරිපාලන ක්ෂේත්‍ර නියෝජනය කරන්නන් ඊට ඇතුළත් වූ බව පවසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලන විද්වතෙකු වන මහාචාර්ය බී.එල්.එච්.පෙරේරා මහතා ක්‍රීඩා කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භයේ (2007) සිටම ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ලෙස කටයුතු  කරයි.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභපති හේමසිරි ප්‍රනාන්දු මහතා මෙම සහතිකපත්‍ර ප්‍රදානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

 

ජාත්‍යන්තර සහයෝගිතා ක්‍රීඩා කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ 13 දෙනා 

වෛද්‍ය ඒ.එච්.ඩී.කේ.අත්තනායක, නිමේෂා රුවන්ගි දේශප්‍රිය, වෛද්‍ය ලාල් ඒකනායක, ගුවන් කොමදෝරු ක්‍රිෂාන්ත මාරිනස් ප්‍රනාන්දු, ගෲප් කපිතාන් ප්‍රදීප් ප්‍රනාන්දු, ගුවන් කොමදෝරු ඒ.ඩී.ආර්.ලියනාරච්චි, ගෲප් කපිතාන් මුදිත මහවත්තගේ, ටී.එච්.ටී.ඩබ්.නිමලවංශ තෙන්නකෝන්, ආර්.එම්.පී. මනෝජ් රාජකුමාර, ෂෙනෝලි එන්, සෙල්වරාජ් රණසිංහ, චමින්ද කේ.උඩුකුඹුර, ඩබ්.එම්.වයි.ඒ. විජේසූරිය සහ ඩබ්.එච්.එන්.එස්.විජේතුංග යන මහත්ම මහත්මීහු.

 


අදහස් (0)

ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමාව ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.