වසර 2024 දී අන්තර්ජාතික සහ දේශීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් අගැයීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘හෝම් ලෑන්ඩ්ස්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය හෙට (9 වැනිදා) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වේ. පස්වරු 7.00 ට ආරම්භ වන මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා සහභාගි වෙයි.
මෙම සම්මාන උළෙලේදී පිරිනැමෙන සම්මාන සංඛ්‍යාව 46 කි. ඒවායින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන 18 ක් ද දේශීය තරග සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන 20 ක් ද පිරිනැමේ. ඊට අමතරව දක්ෂතම දේශීය තරග විනිසුරුවරයාට මෙන්ම තරග තීරකවරයාටද සම්මාන පිරිනැමීමට නියමිතය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් සමගින් සම්භාවනීය පුද්ගලයෝ රැසක් අද පැවැත්වෙන ක්‍රිකට් සම්මාන උළෙලට සහභාගි වෙති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.