Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ක්‍රීඩකයන්ට එන්නත් මාත්‍රා දෙකම

ක්‍රිකට් ක්‍රීඩකයන්ට එන්නත් මාත්‍රා දෙකම

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මේ වන විට එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනාත්, සහාය කාර්ය මණ්ඩලයත් හැරුණු විට, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එහි ආශ්‍රිතයන් සියලු දෙනාටම මේ වන විටත් කොරෝනා මර්ධන එන්නතේ මාත්‍රා දෙකම දී තිබේ. ටෙස්ට් සහ සීමිත ඕවර ක්‍රීඩකයන් මෙන්ම කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයද මෙම පිරිසට අයත් වේ.

ඔවුන්ට දෙනු ලැබ ඇත්තේ ‘ස්පුට්නික්  V’ එන්නතයි. කෙසේ වෙතත් එහි දෙවැනි එන්නත් තොගය පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවට ගෙනෙන විට සීමිත ඕවර කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනා ඇතුළු පිරිස එංගලන්තය බලා පිටත්ව ගොස් සිටියේය.

“ඒක ප්‍රශ්නයක් නෙමේ. ඔවුන් ලබන මාසයේ මුලදීම නැවතත් ශ්‍රී ලංකාවට එන නිසා ඔවන් ආවාට පස්සේ එන්නතේ දෙවැනි මාත්‍රාව විදගන්න පුළුවන්” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායමේ සුබසාධක සහ එන්නත්කරණ අංශය බාරව කටයුතු කරන කරන වෛද්‍ය දමින්දා අත්තනායක මහත්මිය පැවසුවාය.

මේ වන විට ‘ස්පුට්නික්  V’ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා සිටින ක්‍රීඩකයන් අතර ටෙස්ට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් වන දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ද සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

ක්‍රීඩකයන් සියලු දෙනාම එන්නත ලබාගැනීමට කැමැත්ත පළකර තිබේ.

 


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩකයන්ට එන්නත් මාත්‍රා දෙකම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.