Last Update  :  2025-08-15 13:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ආයතනය ජනාධිපතිටත් උඩින්ද ?

ක්‍රිකට් ආයතනය ජනාධිපතිටත් උඩින්ද ?

යොහාන් භාසුර - 2020 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ජනමාධ්‍යවේදීන්ට තහනම් පැනවීමෙන් ක්‍රිකට් පරිපාලනයේ සිටින අය රටේ ජනාධිපතිවරයාටත් වඩා ඉහළින් ඉන්නා පිරිසක් බවට පැහැදිළි වන බව අර්ජුණ රණතුංග මහතා අද (06) පැවසීය.

‘අද’ පුවත්පතේ මාධ්‍යවේදී පැතුම් විජේරත්න මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇතුල්වීම තහනම් කිරීම පිළිබඳව රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබාදී තිබෙනවා” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිදහස් දින කථාවේදී ප්‍රකාශ කළා.

“ඔබලා දන්නවා ඇති මාධ්‍යාවේදී පැතුම් විජේරත්න මහතාට ක්‍රිකට් ආයතනයට ඒම තහනම් කරලා තියෙනවා. ඒකට හේතුව ඔහු ක්‍රිකට් ආයතනය ගැන ලිවීමයි”

“ජනාධිපතිතුමා කියනවා මාධ්‍යයට සියලුම පහසුකම් දෙනවා කියලා. ඒ කියන්නේ ක්‍රිකට් ආයතනය ජනාධිපතිතුමාට උඩින් ඉන්නේ”

“අපි දැක්කා ජනාධිපතිතුමා එක එක ආයතනවලට පනිනවා. ආර්.එම්.වී. එකට පැන්නා. හැබැයි ජනාධිපතිතුමා මේ කතාව කළේ ක්‍රිකට් ආයතනයේ පැත්ත බලාගෙන. මම හිතන්නෙ මුලින්ම පනින්න ඕනේ ක්‍රිකට් ආයතනයට කියලයි” යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
 


අදහස් (0)

ක්‍රිකට් ආයතනය ජනාධිපතිටත් උඩින්ද ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.