Last Update  :  2026-04-30 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ වෙස්ලි විද්‍යාලය ‘බී‘ තලයේ ශූරතාව දිනයි
19න් පහළ ක්‍රිකට්

කොළඹ වෙස්ලි විද්‍යාලය ‘බී‘ තලයේ ශූරතාව දිනයි

editorial - 2026 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ  ‘බී’ තලයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ වෙස්ලි විද්‍යාලය සමත්විය. මග්ගොන සරේ  ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබාගනිමින් කොළඹ වෙස්ලි විද්‍යාලය පාසල් කණ්ඩායම් 18ක් අතුරින් ශූරතාවට හිමිකම් කීය.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආරම්භක පිතිකරු විදුර බාසුරු පන්දු 226 කදී හතරේ පහර 15 ක් සමඟින් ලකුණු  97ක් රැස් කළේය. නේක්ෂ ඉද්දමල්ගොඩ (54) සහ බිහඟ සිල්වා (32) ද තම ඉනිම ගොඩනැංවීමට දායකවූහ.

කොළඹ වෙස්ලි විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් නියමිත පන්දුවාර 120 තුලදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 416 ක් රැස් කළේය. එහිදී වැඩි දායකත්වයක් දැක්වූ කවිඳු හෙට්ටිආරච්චි පන්දු 164 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 134 ක් රැස් කළේය. ලිතුම් සෙනුජ පන්දු 239 කදී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 101ක් රැස් කළ අතර රෂීඩ් නහ්යාන් ද ලකුණු 78ක් රැස් කළේය.

කවිඳු හෙට්ටිආරච්චි සහ ලිතුම් සෙනුජ තම ඉනිමේ 5වැනි කඩුල්ලට ලකුණු 234ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැංවූ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ මෙවිඳු කුමාරසිරි ලකුණු 197කට කඩුලු 5ක් දවාලීය.

තරගය නතර කරන විට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 148 ක් රැස් කර තිබිණ. 

 

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම  239 යි
(විදුර බාසුරු 97, නේක්ෂ ඉද්දමල්ගොඩ 54, බිහඟ සිල්වා 32, ජීව්හාන් ශ්‍රීරාම් 40/3, මෙත්නුල මායදුන්න 20/2, කවිඳු හෙට්ටිආරච්චි 20/2)

කොළඹ වෙස්ලි විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 7 ට 416 යි
(කවිඳු හෙට්ටිආරච්චි 134, ලිතුම් සෙනුජ 101, රෂීඩ් නහ්යාන් 78, සෙනුර ලක්ෂාන් නොදැවී 32, රශ්මික අමරරත්න 21, මෙවිඳු කුමාරසිරි 197/5)

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය -  දෙවැනි ඉනිම කඩුලු 4 ට 148 යි
(නේක්ෂ ඉද්දමල්ගොඩ 63, සන්දීප් විජේරත්න 31, බිහඟ සිල්වා නොදැවී 23, කවිඳු හෙට්ටිආරච්චි 9/2)

 

කවිඳු හෙට්ටිආරච්චි

 

ලිතුම් සෙනුජ


අදහස් (0)

කොළඹ වෙස්ලි විද්‍යාලය ‘බී‘ තලයේ ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.