(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලැබූ වයස අවුරුදු 13 න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ කණ්ඩායම සමත්විය. තරගාවලියට පාසල් කණ්ඩායම් 85 ක් සහභාගි වූහ.
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී රාජකීය විද්‍යාලය ‘බී’ කණ්ඩායම විසින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය. කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ දෙව්මිත් හංසන සහ උදර්ෂ පෙරේරා නොදැවී අර්ධ ශතක රැස් කිරීමට සමත්වූහ.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 43.1 කදී 69 යි
(නෙහාන් ඒකනායක 27, කෙනුක සංයුත් 15/4, උදර්ෂ පෙරේරා 6/2, සමිත් දිනුෂාන් 11/2)
කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ කණ්ඩායම - ඕවර 42 කදී කඩුලු 4 ට 151 යි
(දෙව්මිත් හංසන නොදැවී 52, උදර්ෂ පෙරේරා නොදැවී 50, ටෙනුක සිල්වා 29, දෙනෙත් ජයසේකර 19/2)

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.