
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කරන්දෙණිය මැදි විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 101 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට කරන්දෙණිය මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ කරන්දෙණිය මැදි විදුහලේ හංසමාන ද සිල්වා (118) ශතකයක් ලබාගත් අතර ජනෙත් කෞෂාල් (99) සහ සමිත් ඉසුරු (61) අර්ධ ශතක ලබාගත්හ. එම විදුහලේම සමිත් ඉසුරු 116 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කරන්දෙණිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 52.4 කදී කඩුලු 9 ක් දැවී 335
(හංසමාන ද සිල්වා 118, ජනෙත් කෞෂාල් 99, සමිත් ඉසුරු 61, චානුක නිමේෂ් 45/3, සනිඳු මධුෂංක 46/2, බ්‍රයන් ජූලියන් 60/2, ප්‍රමෝද් කවිඳු 34/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 141
(පසිඳු සංදීප 32, ඉසුරු උත්පල 21, සමිත් ඉසුරු 43/5)
කරන්දෙණිය මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28.1 කදී කඩුලු 6 ක් දැවී 106
(දිලීප ජයකොඩි 35, නිර්මාල් යෂෝධ 21, චානුක නිමේෂ් 23/4)
ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 199
(බ්‍රයන් ජූලියන් 54, පසිඳු සංදීප 42, ඉසුරු උත්පල 33, චානුක නිමේෂ් 32, සමිත් ඉසුරු 71/4, හංසමාල් ද සිල්වා 19/3, මනීෂ මධුභාෂිත 47/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.