කඹ ඇදීමේ කී‍්‍රඩාව සඳහා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවන් සිව් දෙනෙකු හා ජාතික මට්ටමේ විනිසුරුවරු 11 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය කිරීමට ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය කටයුතු කර තිබේ.
ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම ඉකුත්දා කී‍්‍රඩා අමාත්‍යාංශයේදී කී‍්‍රඩා අධ්යක්ෂ ජනරාල් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට අමාත්‍යාංශ අතිරේක ලේකම් ආර්.එස්. වික්‍රමසිංහ, කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති කේ.පී.ඒ.එන්. සේරසිංහ, එහි කමිටු ප්‍රධානි කි‍්‍රස්ටි ප්‍රනාන්දු යන මහත්වරුද සහභාගි වූහ.
කඹ ඇදීමේ ජාත්‍යන්තර නව විනිසුරු පත්වීම් ලැබූවන්: කේ.පී.ඒ.එන්. සේරසිංහ, එම්.ඒ.එන් වික්‍රමසිංහ, කි‍්‍රස්ටි ප්‍රනාන්දු, එස්.කේ. එදිරිසිංහ යන මහත්වරු.
කඹ ඇදීමේ ජාතික නව විනිසුරු පත්වීම් ලැබූවෝ:- එම්.ඒ. සමන් කුමාර, පී.ඒ.සී.කේ. කුලරත්න, ඩබ්.ජී. නාලක ලසන්ත, ඩබ්.ජී. සංජය පි‍්‍රයන්ත, අජන්ත කුලසිංහ, ඩබ්.ඒ.ඞී. හේමන්ත, ඞී.ටී. ජගත් නිශාන්ත, එල්.පී.ඒ. ගුණවර්ධන, ඩබ්. හේමසිරි, හර්ෂණී, ඞී.කේ. වීරසිංහ යන මහත්ම මහත්මීහු.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.