Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කනිෂ්ඨ සංචිතය තේරීමේ කඳවුර 7-8

කනිෂ්ඨ සංචිතය තේරීමේ කඳවුර 7-8

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී ප‍්‍රධානතම අන්තර්ජාතික දැල්පන්දු තරගාවලි දෙකක් ඉලක්ක කරමින් ජාතික කනිෂ්ඨ දැල්පන්දු සංචිතයේ තෝරා ගැනීමේ කඳවුර ජනවාරි 7, 8 දෙදින ටොරින්ටන් පෙදෙසේ නව දැල්පන්දු පිටියේදී පැවැත්වේ. ඒ සඳහා කලින් වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ උස අඩි 5 යි අගල් 2 ට වඩා වැඩි ක‍්‍රීඩිකාවන් 51 දෙනෙකු කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් පද්මා ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

ලබන ජුලි 8 වැනිදා සිට 16 වැනිදා දක්වා බොට්ස්වානාහි පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු තරගාවලිය සහ ලබන වසරේ මැයි 6 සිට 14 වැනිදා දක්වා දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ දැල්පන්දු සංචිතය තෝරා ගැනේ.

දැල්පන්දු සම්මේලනය කැඳවූ පූර්ව දැල්පන්දු තේරීමේ පරීක්ෂණ සඳහා ක‍්‍රීඩිකාවන් 141 දෙනෙකු සහභාගි වී තිබේ. මෙම ජාත්‍යන්තර තරගාවලි දෙක සඳහාම සහභාගි වන්නේ වයස 21ට අඩු ක‍්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම්ය.

ලබන ජනවාරි 7, 8 දෙදින කැඳවන තේරීම් කඳවුරෙන් ක‍්‍රීඩිකාවන් 30 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් තෝරා ගැනීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැනෙන අවසන් තේරීම මෙම සංචිතයෙන් සිදු කරන බව පද්මා ගුණවර්ධන මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

 


අදහස් (0)

කනිෂ්ඨ සංචිතය තේරීමේ කඳවුර 7-8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.